ආසාදිතයින් වැඩිවීමට සාපේක්ෂව සෞඛ්‍ය පහසුකම් පුළුල් නොකර ආණ්ඩුව සෞඛ්‍ය මාර්ගෝපදේශන වෙනස් කරයි

කොවිඩ් ආසාදිත පුද්ගලයින්ගේ සිරුරුවල ප්‍රතිදේහ මට්ටම ඉහළ යෑම සලකා බලමින් ඔවුන් ප්‍රතිකාර මධ්‍යස්ථානවලින් මුදා හැරීමේ දින ගණන දින 14 සිට 10 දක්වා අඩු කිරීමට රජය තීරණය කර ඇතැයි අරුණ පුවත්පත වාර්තා කර තිබේ. මීට පෙර රෝග ලක්ෂණ පෙන්නුම් කළ ආසාදිතයින් දින 14ක අනිවාර්ය නිරෝධායනයක් සඳහා යොමු කර තිබුණි.

එහෙත් සෞඛ්‍ය අමාත්‍යාංශය පසුගිය 25 වැනිදා නිකුත් කරන ලද නවතම මාර්ගෝපදේශවලට අනුව, ප්‍රතිකාර මධ්‍යස්ථානවල සිටින ආසාදිතයින්ට පී.සී.ආර්. පරීක්ෂණ කර දින 10කට පසු ඔවුන්ගේ ප්‍රතිදේහ මට්ටම ඉහළ ගොස් ඇත්නම් මෙසේ දින 10න් මුදා හැරීමට පියවර ගැනේ.

ඔවුන් පිටව ගියද දින 14 යනතුරු (ඉතිරි දින 4) නිවෙස්වල ස්වයං නිරෝධායනය අනිවාර්ය කර තිබේ.

මෙම මාර්ගෝපදේශයන් බන්ධනාගාර රැඳවූවන්ට, වැඩිහිටි නිවාසවල පිරිස් සහ හෝටල්වල අය සඳහා අදාළ නොවන බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

ඊයේ දිනය වන විට ආසාදිතයින් පනස් දහස් නවසිය හැටනවදෙනකු (50969) රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය ප්‍රකාශ කරයි.

මේ දිනවල කොවිඩ් රෝගීන්ගේ විශාල වැඩිවීමක් දක්නට ලැබේ. අද (29) දිනයේත් කොවිඩ් රෝගීන් 859ක් හදුනාගෙන තිබුණි. ආණ්ඩුව කොවිඩ් රෝගීන් දින 10න් ගෙදර යැවීමේ තීරණය ගනු ලැබුවේ රෝගීන් ඉහළ යාමත් සමඟ රෝහල් පහසුකම් ප්‍රමාණවත් නොවන නිසා බවට මත පළවෙමින් තිබේ. වසංගත තත්ත්වයකදී සෞඛ්‍ය පහසුකම් වැඩිකළ යුතු වුවත් ආණ්ඩුව මෙවර අයවැයෙන් සෞඛ්‍ය සඳහා වෙන් කර ඇති මුදල පසුගිය වසරට සාපේක්ෂව බිලියන 20ක් කපා දමා තිබේ.

එසේම දින 14ක නිරෝධායන කාල සීමාව යනු ලෝක මට්ටමේ නිරෝධායනය සඳහා සකසා ගත් සෞඛ්‍ය මාර්ගෝපදේශනයකි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...