PTA යටතේ රඳවා සිටි තරුණයට ඇප – චෝදනාවලින් නිදහස් කර නැහැ

Date:

ස්ටිකරයක් ඇලවීම නිසා අත් අඩංගුවට ගෙන ත්‍රස්ත පනත යටතේ සති දෙකකට ආසන්න කාලයක් රඳවාගෙන සිටි මොහමඩ් රුෂ්ඩි නැමති මුස්ලිම් තරුණයා ඇප මත නිදහස් කර තිබේ. නමුත් ඔහුට විරුද්ධව නගා ඇති චෝදනා එලෙසම පවතින බව පෙනේ.

මෙම තරුණයා ත්‍රස්තවාදය වැළක්වීමේ පනත යටතේ රඳවා ගැනීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අත්සන් තැබීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් මතුවිය. බොහෝ පිරිසක් සමාජ මාධ්‍ය ජාල හරහා අදහස් දක්වමින් සඳහන් කර තිබුනේ ත්‍රස්තවාදය වැළක්වීමේ පනත හරහා පීඩාවට පත්වූ දේශපාලන ව්‍යාපාරයක් ඒ පනත යොදාගැනීම ගැන ලැජ්ජා විය යුතු බවයි. එසේම ඊශ්‍රායලයට විරෝධයක් පළකරමින් ඇලවූ ස්ටිකරයක් හේතුවෙන් අත්අඩංගුවට ගැනීම ගැනද විශාල විරෝධයක් එල්ල වී ඇත. එයට හේතුව මේ ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙකු වෙන බිමල් රත්නායක පලස්තීන සහයෝගීතා ව්‍යාපාරයේ සභාපති ලෙස කටයුතු කිරීමයි.

එසේම මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිසිය බොරු ගණනාවක් ගොතන ලදී. ඉන් එකක් වූවේ ‘යම් ආකාරයකින් ත්‍රස්තවාදී ක්‍රියාවක් කිරීමට ප්‍රවෙදිතාවයක් දක්වන පුද්ගලයකු බවට තිබු සාධාරණ සැකය මත’ මොහොමඩ් රුෂ්ඩි අත්අඩංගුවට ගන්නා ලද බවයි.

“මෙම සැකකරුගේ ක්‍රියා කලාපය සම්බන්ධව දීර්ඝ ලෙස විමර්ශන කරමින් පවතින අතර එහිදී හෙළිදරව් වූ කරුණු අනුව මොහු අන්තර්ජාලය භාවිත කරමින් සහ වෙනත් ක්‍රමවේද උපයෝගී කර ගැනීම හේතුවෙන් යම් මානසික අභිප්‍රේරණයකට ලක්වී ඇති පුද්ගලයෙකු බවට නිරීක්ෂණය වී ඇති බැවින්, එම මානසික තත්ත්වය මත ආගමික අන්තවාදී ක්‍රියාවක් සිදුකිරීමට ඔහුට ඇති ප්‍රවේදීතාවය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතියි,” යනුවෙන් පොලිසිය නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

අත් අඩංගුවට ගන්නා ලද තරුණයා උලමා සභාව වෙත ඉදිරිපත් කරන ලදුව ‘මුස්ලිම් ජාතිකයෙකුට එහා ගිය තත්ත්වයක් තිබෙන’ රුෂ්ඩි පුනරුත්ථාපනය කළ යුතු බව එම සභාව ප්‍රකාශ කළේ යයි පොලිස් ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි බුද්ධික මනතුංග පවසා තිබුණි.

සමස්ත ලංකා ජමියතුල් උලමා සභාව (ACJU) මෙම ප්‍රකාශය පසුව ප්‍රතික්ෂේප කර තිබුණි.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...

නන්දා මාලනියගේ දේහයේ අවසන් කටයුතු සෙනසුරාදා 

ප්‍රවීණ ගායන ශිල්පිනී ආචාර්ය විශාරද නන්දා මාලනී මහත්මියගේ අභාවය...