මුඛ ආවරණ පැළඳ නොසිටි 75ක් අත්අඩංගුවේ!

මුහුණු ආවරණ නොපැළදීම හා පුද්ගල දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 75දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අජිත් රෝහණ පවසා තිබේ.

පසුගිය ඔක්තෝම්බර් 15වනදා ප්‍රකාශයට පත්කරන ලද ගැසට් නිවේදනයට අනුව මුහුණු ආවරණ පැළඳීම හා දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය කර ඇති බැවින් මෙම පියවර ගත් බව ඔහු පවසා තිබේ.

එසේම නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලුම බල ප්‍රදේශවල පසුගිය ඔක්තෝම්බර් 04වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 2200ක් අත්අඩංගුවට ගෙන ඇති බව සහ වාහන 340ක් පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...