Breaking News

මුඛ ආවරණ පැළඳ නොසිටි 75ක් අත්අඩංගුවේ!

මුහුණු ආවරණ නොපැළදීම හා පුද්ගල දුරස්ථභාවය තබා නොගැනීම සම්බන්ධයෙන් පුද්ගලයන් 75දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා අජිත් රෝහණ පවසා තිබේ.

පසුගිය ඔක්තෝම්බර් 15වනදා ප්‍රකාශයට පත්කරන ලද ගැසට් නිවේදනයට අනුව මුහුණු ආවරණ පැළඳීම හා දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්ය කර ඇති බැවින් මෙම පියවර ගත් බව ඔහු පවසා තිබේ.

එසේම නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති සියලුම බල ප්‍රදේශවල පසුගිය ඔක්තෝම්බර් 04වැනිදා සිට මේ දක්වා කාලය තුළ ඇඳිරි නීතිය උල්ලංඝණය කළ පුද්ගලයන් 2200ක් අත්අඩංගුවට ගෙන ඇති බව සහ වාහන 340ක් පොලිස් බාරයට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පවසා ඇත.

leave a reply