අලුත් කොවිඩ් ප්‍රබේදයට මුහුණ දෙන්න ඉතිරිව ඇති එන්නත් 60000න් බැහැ – රවී කුමදේශ්

බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගත් කොවිඩ් වෛරස ප්‍රභේදය මෙරට ස්ථාන කිහිපයකින් වාර්තා වී ඇති තත්වයක් තුළ ආණ්ඩුව එන්නත කෝකටත් තෛලය කරගෙන ඇති බවත් ඉන්දියානු රජයේ ප්‍රදානයක් ලෙස ලැබුණු කොවිඩ් එන්නත් ලක්ෂ 05 න් මේ වනවිට ඉතිරිව ඇති 60,000 ක මාත්‍රා ප්‍රමාණයෙන් රටම ගලවා ගත නොහැකි බවත් වෛද්‍ය රසායනාගාර වෘත්තීයවේදී සංගමයේ සභාපති රවී කුමුදේශ් පවසා තිබේ.

නව ප්‍රභේද ව්‍යාප්ත වීම හේතුවෙන් රටම ලොක්ඩවුන් කළයුතු බවට ඉල්ලීම් ඉදිරිපත් වී තිබියදී එවැනි අවශ්‍යතාවයක් නොමැති බවට බළධාරීන් පවසා තිබීමෙන් ඔවුන් ‍නව ප්‍රභේදය කෙතරම් සරල ආකාරයෙන් සළකන්නේද යන්න පෙනී යන බවද ඔහු පවසයි.

මේ වනවිට නව ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයන් දිස්ත්‍රික් 05 කින් හමු වී ඇති නමුත් අවදානම තිබෙන්නේ එම දිස්ත්‍රික්ක 05 තුළ පමණක්ය යන්න සෞඛ්‍ය බළධාරීන්ගේ තක්සේරුව බවත් කෙසේ නමුත් සෙසු දිස්ත්‍රික්කවල වෛරසය පැතිරී තිබේද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු පරීක්ෂණයක් සිදුකර නොමැති බවත් රවී කුමුදේශ් පවසා ඇත. එවැනි පරීක්ෂණයක් මගින් සෙසු දිස්ත්‍රික්කවලට නව ප්‍රභේදය ව්‍යාප්ත වී නොමැති බව තහවුරු කරගන්නා තෙක් විශාල අවදානමක් තිබෙන බවත්, මෙම ප්‍රභේදය ඉතා ඉක්මනින් පැතිර යන බැවින් එකවර විශාල ආසාදිතයන් ප්‍රමාණයක් වාර්තා වියහැකි බවත් කුමුදේශ් පෙන්වා දෙයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...