විදුලි බිල ගෙවීම වර්ජනය කරමු! – පුබුදු ජයගොඩ

විදුලි බිල ගෙවීම වර්ජනය කළ යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

විදුලි බල මණ්ඩලය 10%ක විදුලි බිල වැඩි කිරීමක් ඉල්ලූ විට මහජන උපයෝගීතා කොමිෂන් සභාව 18%ක මිල වැඩි කිරීමක් ලබා දී ඇති බවත් පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් ‌පිහිටු වූ මහජන උපයෝගී ‌කොමිෂන් සභාව දැන් ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින බවත් ඔහු පැවසුවේය. විදුලි බල මණ්ඩලය පාඩු යැයි පැවසීම ජනතාව මුලාවේ දැමීමක් බව කී පුබුදු ජයගොඩ සහෝදරයා ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 25ක් ලාබ ලබා ඇති බවත් එසේම, ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසද ලාබ ලබා ඇති බවත් පෙන්වා දුන්නේය. පසුගිය වසරට වඩා මේ වසරේදී විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 478ක් ජනතාවගෙන් ලබා ගෙන තිබේ. එය අධ්‍යාපනයට, උසස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කරන මුදල්වලට වඩා වැඩි බවද පුබුදු ජයගොඩ සහෝදරයා පැවසුවේය.

Share post:

Popular

වෙනත් පුවත්

සයිමන්, ටෙනිසන්, සමන් ත්‍රිකෝණය එක්ක වෙඩිවර්ධනත් කියවන්න

කොළඹ දිස්ත්‍රික්කයේ මැතිවරණ ආසන පහළොවෙන් එකක් රත්මලාන ය. එහෙව්...

තරුණ විරැකියාව තවත් ඉහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් පසුගියදා නිකුත් කළ නවතම...

විදුලි අර්බුදය තවමත් විසඳී නැහැ

පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීමෙන් පසු මෙරට ප්‍රධානතම ගල් අඟුරු...

PSTA වගේම තවත් මර්දනකාරී පනතක් ගැන සාලිය පීරිස්ගෙන් අනතුරු ඇඟවීමක්

රජය විසින් ඉදිරිපත් කර ඇති සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ නව...