විදුලි බිල ගෙවීම වර්ජනය කරමු! – පුබුදු ජයගොඩ

විදුලි බිල ගෙවීම වර්ජනය කළ යුතු යැයි පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා පැවසුවේය. ඔහු මේ බව පැවසුවේ රූපවාහිනී මාධ්‍යවේදීන් වෙත ප්‍රකාශයක් ලබා දෙමිනි.

විදුලි බල මණ්ඩලය 10%ක විදුලි බිල වැඩි කිරීමක් ඉල්ලූ විට මහජන උපයෝගීතා කොමිෂන් සභාව 18%ක මිල වැඩි කිරීමක් ලබා දී ඇති බවත් පාරිභෝගිකයන්ගේ අයිතිය වෙනුවෙන් ‌පිහිටු වූ මහජන උපයෝගී ‌කොමිෂන් සභාව දැන් ජනතාව වෙනුවෙන් පෙනී නොසිටින බවත් ඔහු පැවසුවේය. විදුලි බල මණ්ඩලය පාඩු යැයි පැවසීම ජනතාව මුලාවේ දැමීමක් බව කී පුබුදු ජයගොඩ සහෝදරයා ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 25ක් ලාබ ලබා ඇති බවත් එසේම, ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් යන මාසද ලාබ ලබා ඇති බවත් පෙන්වා දුන්නේය. පසුගිය වසරට වඩා මේ වසරේදී විදුලි බල මණ්ඩලය රුපියල් බිලියන 478ක් ජනතාවගෙන් ලබා ගෙන තිබේ. එය අධ්‍යාපනයට, උසස් අධ්‍යාපනයට හා සෞඛ්‍යයට වෙන් කරන මුදල්වලට වඩා වැඩි බවද පුබුදු ජයගොඩ සහෝදරයා පැවසුවේය.

Share post:

Popular

වෙනත් පුවත්

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...