ඔව් කිව්වට අවබෝධයක් නැති බව පිළිතුරෙන් පැහැදිලියි.

අද පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී ඉන්දියාව සමග අත්සන් කළ අවබෝධතා ගිවිසුම් පිළිබඳව මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබුවා . එහිදී මාධ්‍යවේදියකු විමසා සිටියේ ඔබට අත්සන් කළ ගිවිසුම් සම්බන්ධයෙන් අවබෝධයක් තිබෙනවාද යන්නයි .  කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ඊට ලබා දුන් පිළිතුර වූයේ ඔහු යන්නයි .. එසේනම් ආරක්ෂක ගිවිසුම පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්නට කියා මාධ්‍යවේදියා නලින්ද ජයතිස්සට යෝජනා කළා. නමුත් ඔහු ඒ පිළිබඳ පැහැදිලි කිරීමක් කරනවා වෙනුවට විජිත හේරත් පාර්ලිමේන්තුවේ කළ පැහැදිලි කිරීම පිළිබඳ මතක් කරමින් ඒ මොහොතේ මාධ්‍යවේදියා නැගූ පැනයට අදාළව ආරක්ෂක ගිවිසුම සම්බන්ධයෙන් කිසිදු පැහැදිලි කිරීමක් සිදු නොකර සිටියා .

ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ සංචාරය ආවරණය කිරීම සඳහා දේශීය මාධ්‍ය වෙත අවස්ථාව ලබා නොදීම පිළිබඳව ද මෙහිදී මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා . නලින්ද ජයතිස්සට නිසි පිළිතුරක් ලබාදීමට නොහැකි වුනු අතර  ඔහු ඒ වෙනුවෙන් ලබා දුන්නේ ළදරු පිළිතුරකි . මාධ්‍යවේදීන් පෙන්වා දුන්නේ මෝදිගේ  සංචාරය ආවරණය කිරීම සඳහා අවස්ථාව ලබා දී තිබුණේ ඉන්දියානු මාධ්‍යවේදීන්ට පමණක් බවයි . ඔවුන් ද තොරතුරු උපුටා ගත්තේ ඉන්දියානු මාධ්‍යයෙන් බව ප්‍රකාශ කරන විට කැබිනට් ප්‍රකාශකවරයා සිනාසෙමින් පිළිතුරු ලෙස ප්‍රකාශ කරන්නේ විනාඩි පහක් දහයක් යන්නට මත්තෙන් අපේ මාධ්‍ය තුළත් ඒ පිළිබඳ පුවත් පළ වුණා නේද කියලා අහමින්  . එපමණක් ද නොව ඔහුගේ පිළිතුර තුළ ගැබ් වෙලා තිබුනේ දේශීය මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබා නොදීමට ප්‍රධාන හේතුව බවට පත්වෙලා තිබුණේ මෝදිගේ ආරක්ෂාව බවයි . අත්සන් කළ ගිවිසුම්වල තිබුණු රට  අහිතකර කරුණු කාරණා වෙනස් කර ගත්තා යැයි උජාරුවෙන් කියන මේ අයට එකම දේශීය මාධ්‍ය ආයතනයකටවත්  ඉන්දියානු අග්‍රාමාත්‍යවරයාගේ ශ්‍රී  ලංකා  සංචාරය  ආවරණය කිරීම සඳහා අවස්ථාව ලබා දෙන්නට නොහැකි වුණේ ඇයිද කියන පැනය පවතිනවා .

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...