“ක්ලීන් ශ්‍රී ලංකා” ස්වේච්ඡා ශ්‍රම බලකායක් පමණද?

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේදී සිදුවූ බස් රථ අනතුර සමඟ හෙළිවූ කරුණු අතර පොදු ප්‍රවාහන සේවාවල දුර්වලතාවලට අමතරව පොලීසියේ අකාර්යක්ෂමතාවය, රෝගීන් ප්‍රවාහනයට හදිසි ගිලන් රථ සේවා නොමැතිවීම, ප්‍රාදේශීය රෝහල්වල තිබූ දුර්වලතා යනාදියයි.

විශේෂයෙන් තුවාල ලැබූවන් බොහෝ පිරිසක් ප්‍රතිකාර සඳහා ඇතුළත් කරනු ලැබූ කොත්මලේ ප්‍රාදේශීය රෝහලේ අඩු පහසුකම් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ අඩුපාඩු සම්බන්ධයෙන් අවධානය යොමුව තිබුණි.

විශේෂයෙන් බොහෝ පිරිසකගේ අවධානයට ලක්වී තිබුනේ එම රෝහල් හදිසි ප්‍රතිකාර සඳහා අවශ්‍ය පහසුකම් නොතිබීමයි.

මේ අතර ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරන්නේ රෝහලේ පහසුකම් නැංවීම සහ පවිත්‍රකරණය වෙනුවෙන් “ක්ලීන් ශ්‍රි ලංකා” වැඩසටහන ඉදිරිපත්ව ඇති බවයි.

රෝහල් වාට්ටු සංකීර්ණය සහ රෝහල් පරිශ්‍රය පිරිසිදු කරමින් රෝගින්ගේ ප්‍රතිකාර කටයුතු සඳහා පහසු පරිසරයක් සකස් කර දීමට මෙන්ම අනෙකුත් පහසුකම් නැංවීම වෙනුවෙන් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන කටයුතු කළ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

රෝහලක් පිරිසිඳු කිරීම වැනි කටයුත්තක් ස්වේච්ඡා ශ්‍රමය යොදාගෙන සිදුකිරීම ඉතා හොඳ කටයුත්තක් වන නමුත් රෝහලක පහසුකම් නැංවීම, කාර්ය මණ්ඩල අඩුපාඩු පිරීවිම ජාතික කටයුත්තකි. කොත්මලේ රෝහලෙන් නිරූපණය වන්නේ මෙරට බහුතර රෝහල්වල තත්ත්වයයි. නැතිනම් රාජ්‍ය සෞඛ්‍ය සේවයේ තත්ත්වයයි. එවැනි දේවල් රාජ්‍ය ප්‍රතිපත්ති හා තීරණ හා බැඳී පවතින දෙයකි. සරළව පැවසුවොත් මෙම රෝහල් වැඩිදියුණු වීම සෞඛ්‍ය සේවා සඳහා අයවැය හරහා වෙන් කරන මුදල් හා බැඳී පවතියි.

එවැනි දේ නොකර මෙම රෝහල් පිරිසිඳු කිරීමෙන් පමණක් ගොඩ දැමිය නොහැක.

එසේම දැන් “ක්ලීන් ශ්‍රි ලංකා” යනු ”රතු තරුවේ” ආණ්ඩුවේ ‘වර්ෂන්’ එකද යන ප්‍රශ්නය මතුවේ. රතු තරුව යනු අපදා අවස්ථාවලදී ස්වේච්ඡා ශ්‍රමයෙන් මැදිහත් වූ පක්ෂයක යාන්ත්‍රණයකි. එය ආණ්ඩු බලය නොතිබූ ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාණයකි.

නමුත් විශාල උත්සවයක් පවත්වමින් “ක්ලීන් ශ්‍රි ලංකා” පිහිටවූවේ ස්වේච්ඡා ශ්‍රමය සඳහා නොවේ. ලෝකයේ එක එක රටවල්වල පරිසරය සම්බන්ධව, සෞඛ්‍යය සම්බන්ධව, ආහාර සම්බන්ධව, අධ්‍යාපනය සම්බන්ධව නොයෙකුත් ප්‍රමිතිගත කිරීම් ලංකාවට හඳුන්වා දීමට බව ආරම්භ වැඩසටහනේදීම ආණ්ඩුව පැවසීය.

Share post:

Popular

වෙනත් පුවත්

2026   ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට හිමිවෙයිද? 

මේ දිනවල ඩුබායිහී පැවැත්වෙන ආසියානු කුසලාන T20 කාන්තා ක්‍රිකට්...

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට සිදුවේවිද?

වෙනිසියුලානු ජනතාවට නිදහස සඳහා විශාල මිනිස් ජීවිත වටිනාකමක් ගෙවන්නට...

ගෙවුණු මාස කීපය තුළ අලි මරණ සංඛ්‍යාව 200කට ආසන්නයි 

2026 වසර ආරම්භයේ ළමු දින 50 තුළ වන අලි...

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව නැවත කැඳවෙයි

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළ...