සෞඛ්‍ය සේවක වර්ජනයට ආණ්ඩුවට උත්තර නැහැ

සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් නිකුත් කර තිබෙන බව සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි එය නිකුත් කර තිබෙනවා.

වෛද්‍යවරුන්ට ලබා දෙන රුපියල් 35,000 ‘DAT’ දීමනාවට සාපේක්ෂව තමන්ටත් දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (පෙබරවාරි 13වැනිදා) සිට වර්ජනයක නිරතව සිටියි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ මුදල් අමාත්‍යාංශය සමග (පෙබරවාරි 12වැනිදා) පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවය.

කෙසේනමුත් පවතින මූල්‍ය තත්ත්වය තුළ මුදල් අමාත්‍යාංශය ලබා දුන් මූල්‍ය ප්‍රමාණය ගැන වෘත්තීය සමිති එකඟතාවය පළ නොකළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීමට ආණ්ඩුවට මතක් කරමු!

අතුරුදහන්වූවන්ට සාධාරණය ඉටු කිරීම තුළින් නැවත එවැනි අපරාධ සිදුවීම...

මිලියනයකට ආසන්න ප්‍රංශ ජනතාවක් අද පාරට බැහැලා .

මැක්‍රොන්ගේ උද්ඝෝෂණ තහනම නොතකා අද   ප්‍රංශය පුරා උද්ඝෝෂණ පවත්වනු...

‘මරණය අසල නිසලව’ යනු ස්වයංචරිතාප්‍රදානයකට වඩා එහා ගිය කෘතියකි

ශ්‍රී ලංකාවට මුහුණු වර දෙකකි . විදේශීය අමුත්තන් විසින්...

පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෝ අගමැතියගේ රෙද්ද ගලවයි – අති විශේෂ අනාවරණය

ජාතික පාසල් බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් හා ක්‍රීඩිකාවක් ලිංගිකව එක්වන, රති...