සෞඛ්‍ය සේවක වර්ජනයට ආණ්ඩුවට උත්තර නැහැ

සෞඛ්‍ය සේවයට අදාළ සේවා කටයුතු රැසක් අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ අනුව රෝහල්වල, සාත්තු නිවාසවල, බෙහෙත් ශාලා සහ වෙනත් සමාන ආයතනවල රෝගීන් නඩත්තු කිරීම සහ පිළිගැනීම, රැකවරණය, පෝෂණය කිරීම සහ ප්‍රතිකාර කිරීම සම්බන්ධව අවශ්‍ය හෝ කළ යුතු ඕනෑම විස්තරයක සියලු සේවා වැඩ හෝ ශ්‍රමය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත්කරමින් නිකුත් කර තිබෙන බව සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ අණ පරිදි එය නිකුත් කර තිබෙනවා.

වෛද්‍යවරුන්ට ලබා දෙන රුපියල් 35,000 ‘DAT’ දීමනාවට සාපේක්ෂව තමන්ටත් දීමනාවක් ලබා දෙන්නැයි ඉල්ලා සෞඛ්‍ය වෘත්තීය සමිති 72ක් අද (පෙබරවාරි 13වැනිදා) සිට වර්ජනයක නිරතව සිටියි.

සෞඛ්‍ය වෘත්තීය සමිති සන්ධානය පවසන්නේ මුදල් අමාත්‍යාංශය සමග (පෙබරවාරි 12වැනිදා) පැවති සාකච්ඡාව අසාර්ථක වූ බවය.

කෙසේනමුත් පවතින මූල්‍ය තත්ත්වය තුළ මුදල් අමාත්‍යාංශය ලබා දුන් මූල්‍ය ප්‍රමාණය ගැන වෘත්තීය සමිති එකඟතාවය පළ නොකළ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි.

 

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...