සම සෞඛ්‍ය සිසුන් නැවතත් සත්‍යග්‍රහයක

සමසෞඛ්‍ය සිසුන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ගැටඹේ මංසන්ධිය අසළ අඛණ්ඩ සත්‍යග්‍රහයක් ආරම්භ කර තිබේ.

ඔවුන් පසුගියදා සෞඛ්‍ය අමාත්යංශය අසළ පැවති සත්‍යග්‍රහය මහ රෑ පැමිණි පොලිසිය විසින් විසුරුවා හැර සිසුන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබුණි. එහිදී අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු තවත් ශිෂ්‍යයෙක් රිමාන්ඩ් බාරයට පත්කර පසුව නිදහස් කෙරිණි.

සම සෞඛ්‍ය සිසුන් පවසන්නේ පසුගිය ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් පෞද්ගලික විශ්ව විද්‍යාල සඳහා ඉඩ ලබාදීම වෙනුවෙන් තරඟ විභාගයක් හරහා සිසුන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමට උත්සහ කරන බවයි. ඔවුන් පවසන්නේ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම හරහා අනුමත ක්‍රමවේදයක් තිබියදී මේ ආකාරයට තරඟ විභාග තැබීම විහිළුවක් බවයි.

සම සෞඛ්‍ය සිසුන්ගේ ඉල්ලීම් පහත දැක්වේ.
UGC අනුමත කල කුසතා පදනම මත සමසෞඛ්‍ය උපාධිදාරීන් රාජ්‍ය සේවයට බඳවා ගැනීමේ පටිපාටියක් සකසනු!
රෝගී ජීවිත අනතුරේ හෙළන – සෞඛ්‍ය ක්ෂෙත්‍රයේ ගුණාත්මක බාවයට හානි කරන උපාධි කඩ අහෝසි කරනු!
සමසෞඛ්‍ය උපාධියට හිමි සීමාවාසික පුහුණුව ලබා දෙනු!
පරිපූරක වෛද්‍ය සහ හෙද පුරප්පාඩු සඳහා බඳවා ගැනීම් කඩිනම් කරනු!

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...