ආසිරි – ඇබර්ඩීන් හොර උපාධි කඩය ගැන අන්තරේ, GMOA සාකච්ඡාවක්

ආසිරි රෝහල් සමූහය හා අබර්ඩීන් විශ්ව විද්‍යාල සමග එක්ව ආරම්භ කර ඇති වෛද්‍ය උපාධිය මුදලට විකිණිමේ ගැටළුව පිළිබදව, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය විසින් ඊයේ (18) දින වෛද්‍ය සංගම් කාර්යාලයේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් හමුවී සාකච්ඡාවක් පවත්වන ලදී.

එහිදී දෙපිරිස අතර සාකච්ඡාවක් පැවැත්වූ අතර, ඉදිරි ක්‍රියාමාර්ග සඳහා එකඟ විය හැකි පොදු කරුණු ඔස්සේ ඒකාබද්ධව කටයුතු කිරීමට යෝජනා වූ අතර, අන්තරේ කැදවුම්කරු රත්කරව්වේ ජිනරථන හිමියන් විසින් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ සයිටම් අරගලයේ එක්ව කටයුතු කල සංවිධාන සියල්ල සමග සාකච්ඡාවන් සිදුකර මේ සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් නිසියාකාරව පියවරක් නොගතහොත් ඉදිරියේදී දැවැන්ත විරෝධතාවයකට එළඹෙන බවයි.

මේ වන විටත් අදාළ ගැටළුව පිළිබදව සොයා බැලීම සදහා වෛද්‍ය සංගමය විසින් ඔවුන්ගේ සාමාජිකයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත්කර ඇති බවත්, එම කමිටු වාර්තාව සමග ඉදිරි කටයුතු වලට යොමු වන බවටත් සදහන් කල එම සංගමයේ විධායක සභික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ කියා සිටියේ වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව ගැසට් කර ගැනීමටත් කටයුතු කරන බවයි.

අනතුරුව අන්තරේ සාමාජිකයින් විසින් අදාළ ගැටළුව සම්බන්ධයෙන් තොරතුරු ලබාදෙන ලෙසට ඉල්ලමින් ශ්‍රීලංකා වෛද්‍ය සභාව වෙත ලිපියක්ද භාර දෙන ලදී.

එසේම මීට අමතරව වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින් ඇබර්ඩීන් -ආසිරි හොර වෙද උපාධි කඩය වහා හකුළා ගන්නා ලෙස බල කරමින් ඊයේ කුරුණෑගල රෝහල ඉදිරිපිට විරෝධතාවයක්ද පවත්වා තිබුණි.

Share post:

Popular

වෙනත් පුවත්

ගෝඨාභය රාජපක්ෂගේ දෛවයේ දවස

ගෝඨාභය රාජපක්ෂට අද දෛවයේ දවසක් යැයි මට සිතෙන්නේ හේතු...

ලලිත් කූගන් අතුරුදහන් කිරීම ගැන ගෝඨා සාක්ෂි දීමට කොළඹ අධිකරණයට

දේශපාලන සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයන් වූ ලලිත් කුමාර් වීරරාජ්...

රනිල්ලාගේ පරණ ආර්ථික වැඩපිළිවෙල අලුත් නමකින්

රටේ පාලන බලය මාරුවුවද නොවෙනස් වන වසර 20ක අඛණ්ඩ...

JVP එක භාරතීය ජනතා පක්ෂයේ සංවිධාන අත්දැකීම් ඉගෙනගන්න ගිහින්

ජනතා විමුක්ති පෙරමුණේ (JVP) මහලේකම් ටිල්වින් සිල්වාගේ ප්‍රධානත්වයෙන් යුත්...