කැලණියේදී ඩඩ්ලිව මාධ්‍යවේදීන්ට හමුවීම
අද කැලණිය පැත්තෙ ඩඩ්ලි කරක් ගහන බව දැන ගත් මාධ්‍යවේදීන් කීප දෙනෙක් ගියා ඩඩ්ලි සිරිසේනව මුණගැහෙන්න . මහ කන්නේ වී ටික කැපෙනවා. වී මිල කොහොමද? සාධාරණ මිලකට ගන්නවද? ආණ්ඩුව සහතික මිල තවමත් නියම කරලා නැත්තේ ඇයි? ඩඩ්ලිට ඔය වගේ ප්‍රශ්න වලින් දමා ගැසුවා.
ඩඩ්ලි පොකුරු පිටින් අහුලගෙන ප්‍රශ්න, ආවේගශීලීව, තරහ පුම්බගෙන බලාගෙන ඉන්න අයට මේ රටේ ජනාධිපති ඩඩ්ලි කියලා හැඟෙන විදිහට අර මාධ්‍යවේදීන්ගේ ප්‍රශ්න වලට උත්තර දුන්නා.
රජයේ පාලන මිලක් දාලා තියෙනවා. ඊට යටත්ව වී ටික ගන්න වෙනවා. නැත්නම් පාලන මිල වෙනස් කරලා වගකිව යුතු තැනැත්තන්ව ගෙන්නලා තීන්දුවක් ගන්න ඕන. ඒක ආණ්ඩුවේ වැඩක්.
වෙන මොනවත් අහන්න එපා. හොඳටම ඇති උත්තර දෙන්නැහැ.
මේවා මගේ ඇඟට දාන්න එන්න එපා. මේ සැරේ සෙල්ලං කරන්න දෙන්නෙ නැහැ.
ඩඩ්ලි එහෙම කියද්දී අපිට මතක් උනේ අනුර කුමාර මේසෙට ගහපු හැටි.
ඩඩ්ලි මේ අභියෝග කළේ ගොවියන්ට නෙමෙයි. වර්තමාන ජනාධිපති අනුර කුමාර දිසානායකට සහ ආණ්ඩුවට.
අනුර රට බාරගත්තු ගමන්ම හිස මත කඩාගෙන වැටුණේ හාල් පිළිබඳ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය විසඳන්න අනුර කුමාර දිසානායක සහ ආණ්ඩුව පිටරටින් පවා හාල් ගෙනාවා.
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා මේ ප්‍රශ්නයට බරපතළ විදිහට මැදිහත් වෙන බව පෙන්වන්නට මහ මෝල් හිමියන්ව ගෙන්නලා බොහොම තදින් හාල් හිඟය පිළිබඳ ප්‍රශ්නය අවබෝධ කරලා ආණ්ඩුව සමඟ සෙල්ලං කරන්න එපා කියල තරවටු කරන ලීලාවෙන් ගැටලුව විසඳන්න මැදිහත් වුණේ රුපියල් දහයකින් පාලන මිලක් ඉහළ දමලා. බත් කන හැම එකෙක්ම හිතුවේ අනුරගේ ඒ තරවටුවෙන් පස්සේ ගත්තු ක්‍රියාමාර්ග හමුවේ පාලන මිලට හාල් පැමිණේවි කියලයි.
හාල් හිඟය දිග්ගැස්සුනා. පිටරටින් හාල් ගෙන්වන්න සිදුවුණා. මහ මෝල් හිමියන් වී සඟවාගෙන සිටිනවා කියලා කියපු ආණ්ඩුවටම සිද්ධ උනා අවසානයේ මහමෝල් හිමියන් මේ අර්බුදයට වග කියන්න අවශ්‍ය නෑ. මේ අර්බුදය නිර්මාණය කරලා තියෙන්නේ ආණ්ඩුවට වැරදි සංඛ්‍යා ලේඛන ලබා දුන් නිලධාරීන් කියලා.
ඔන්න මහ කන්නේ ගොයම කැපෙන්න පටන් ගත්තා. සහතික මිල බලාපොරොත්තුවෙන් ඉන්නවා. නාමල් කරුණාරත්න නියෝජ්‍ය ඇමතිවරයා සහතික මිල සම්බන්ධයෙන් විමසද්දී කියන්නේ මේ දවස්වල ව්‍යාපාරිකයෝ හොඳ මිලක් ගෙවලා ගන්න නිසා රජය තමන්ගේ සහතික මිල කියන්න ප්‍රමාද වෙනවා කියලා.
නමුත් ගොවිබිමේ ගොවියා මේ කතාව ප්‍රතික්ෂේප කරනවා. ව්‍යාපාරිකයො තුට්ටු දෙකට වී අරගෙන යනවා කියලා මැසිවිලි නගනවා.
මේ සතිය ඇතුළත වී මිල තීරණය කරනවලු
නාමල් කරුණාරත්න නියෝජ්‍ය කෘෂිකර්ම ඇමති ප්‍රකාශ කරන්නේ මේ සතිය ඇතුළත වී වලට අවම සහතික මිල නියම කරන බවයි. රජය ආරක්ෂිත වී තොග රැස්කර ගැනීමට රුපියල් කෝටි පන්සියයක් වෙන් කර තිබෙන බව පවසනවා. අකර්මණ්‍ය වුණු ජරා ජීර්ණ වුණු වී ගබඩා යළි ප්‍රතිසංස්කරණය කර මේ ක්‍රියාවලියට ගැලපෙන ලෙස සූදානම් කර තිබෙන බව නාමල් කියන අතර මහකන්නේ අස්වනු නෙලා අවසන් වන විට පෞද්ගලික අංශය සහල් අර්බුදයක් නිර්මාණය කළොත් ඊට මුහුණ දීමට රජයට හැක ලැබෙනවා.
පවතින සහල් පාලන මිලට අනුව වී මිලදී ගත හැක්කේ කීයටද?
සහල් වල උපරිම සිල්ලර මිල රුපියල් 230 වෙනස් නොකර පවත්වාගෙන යන්නේ නම් වී මිලදී ගැනීමට සිදුවන්නේ එකසිය පහළොවකට පමණ බව මහාචාර්ය බුද්ධි මාරඹේ ප්‍රකාශ කර තිබුණා.
ගොවි සංගම් සහ ගොවියෝ ඉල්ලන්නේ අවම වශයෙන් රුපියල් 130ත් 140 අතර මිලක් .