Breaking News

ඉතාලී පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව කප්පාදුවට ජනතාව එකයි

තීමස් විජිත්

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කප්පාදු කිරීම පිළිබඳ ජනමත විචාරණයේ ඔව් යන පාර්ෂවය ලැබූ ඡුන්ද සංඛ්‍යාව සියයට 69 ඉක්මවයි. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් 2020 සැප්තැම්බර් 20 සහ 21 යන දෙදින තුල පැවති ව්‍යවස්ථාමය ජනමත විචාරණයේදී ඔව් යන්න ජයග‍්‍රහණය කරන ලදි. ඔව් සඳහා සියයට 69.5% ක්ද නැහැ සඳහා සියයට 30.4ක් ලැබුනි.

ඔව් පාර්ෂවයේ ජයග‍්‍රහණයෙන් ගම්‍ය වන්නේ පාර්ලිමේන්තුව විසින් ඡුන්දය දෙන ලද නීතියේ විධිවිධානවලට අනුව ආණ්ඩුක්‍‍්‍රම ව්‍යවස්ථාවේ 56 සහ 57 වන වගන්ති වෙනස් කිරීමට කටයුතු කල යුතු බවටයි.

එබැවින් විදේශයන්හි තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් ද ඇතුළුව සංඛ්‍යාවන් අඩුකිරීමට නියමිතවේ. ඒ අනුව පාර්ලිමේන්තුවේ මේ වන විට සිටින 630ක්වූ මංත‍්‍රී සංඛ්‍යාව 400 දක්වාද සෙනට් මණ්ඩළයේ ඡුන්දයෙන් තේරීපත්වූ 315 සිට 200 දක්වාද අඩුවේ. ඊට විදේශයන්ගෙන් පාර්ලිමේන්තුවට පත්වූ 12 සංඛ්‍යාව 8 දක්වාද සෙනට් මණ්ඩළයට පත්වූ 6 සංඛ්‍යාව 4 දක්වාද අඩුවේ.

අද වන විට සෑම වැසියන් 96,000 කටම එක් නියෝජිතයෙකු බැගින් සිටින අතර කප්පාදුවෙන් පසු 151,000 කට එක් අයෙකු වනු ඇත. සෙනෙට් සභාවේ නියෝජිතයෙකු වැසියන් 188,000 ක් නියෝජනය කරන අතර නව කප්පාදුවට අනුව එය 302,000 කට එක් අයෙකු බැගින් වනු ඇත.

යෝජිත ප‍්‍රතිසංස්කරණ මගින් පාර්ලිමේන්තුවෙන් වාර්ෂිකව යුරෝ මිලියන 53 ක් සහ සෙනෙට් සභාවෙන් යුරෝ මිලියන 29 ක් ඉතිරි කළ යුතුය. රාජ්‍ය ගිණුම් පිළිබඳ උපදේශකයෙකු වන කාලෝ කොටරෙලි මහතාට අනුව ඉතිරිකල හැක්කේ පාර්ලිමේන්තුවෙන් මිලියන 37ක් හා සෙනෙට් මණඩළයෙන් මිලියන 27ක් වන අතර කාර්යාල කළමනාකරණය, ලිපි ද‍්‍රව්‍යවල සිට දුරකථන දක්වා, වියදම් සහ විවිධ අරමුදල් යනාදිය සඳහා යන වියදම් යනාදිය ෂලකා බලන විට මෙය ගනනය කිරීම වඩා දුෂ්කර කාර්යයකි. සමහර මතවලට අනුව එය යුරෝ මිලියන 30ක් පමන විය හැකිය.

ජනමත විචාරණයේ ඔව් යන මතයට සියලූ පාර්ශවයන් පාහේ සහයෝගය ලබා දී ඇත,

නියෝජිතයින්ගේ සහ සෙනෙට් සභිකයන්ගේ වැටුප

ඉතාලි පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු මසකට යුරෝ 17,625 කට වැඩි ආදායමක් උපයා ගන්නා අතර සෙනට් සභිකයෙකුගේ මාසික ආධායම යුරෝ 18.735කි.
2020 සැප්තැම්බර් 20 වන ඉරිදා සහ 21 වන සඳුදා කලාප කීපයක් සඳහා මැතිවරණයේ ප‍්‍රතිපල

ජනමත විචාරණය නිල ප‍්‍රතිඵල

තීමස් විජිත්

leave a reply