නැවේ තිබුණු තෙල්වලට වෙච්චි දෙයක් නෑ – සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය

ගිනිගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ටැංකිවල පැවති ඉන්ධන මේ වනවිට එම ටැංකිවල නොමැති බවට ලිඛිතව ලැබුණු වාර්තා අනුව සඳහන් වෙන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ ආධිකාරියේ සභාපතිනි දර්ශනී ලහඳපුර පවසයි.

ඇය පෙන්වා දෙන්නේ නෞකාව ගලවා ගැනීමේ සමාගමේ කපිතාන්වරයා සහ අන්තර්ජාතික තෙල් විසිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායමේ ලිඛිත වාර්තා ඒ බව අනුමාන කර ඇති බවයි.

“මේ නෞකාවේ ඉන්ධන මෙට්‍රික්ටොන් 300ක් තිබුණා. අපි දිනපතාම මේ නෞකාව ආසන්නයේ ජල සාම්පල අරගෙන ඉන්ධන මුසුවෙලා ද කියලා අපි පරීක්ෂා කරනවා. නමුත් මේ වනකම් එහෙම දෙයක් දැනගන්නට ලැබිලා නෑ. නෞකාව ගලවා ගැනීමේ සමාගමේ කපිතාන්වරයා සහ ශ්‍රී ලංකාවට පැමිණි අන්තර්ජාතික තෙල් විසිරීම් පිළිබඳ විශේෂඥ කණ්ඩායම ඔවුන්ගේ ලිඛිත නිරීක්ෂණවල සඳහන් කරලා තියෙන්නේ බොහෝවිට මෙම ගින්න පැවති ආකාරයත් පැවැති දින ගණනත් එක්ක සහ උෂ්ණත්වය අනුව නෞකාවේ ඉන්ධන අඩංගු විය නොහැකි බවට.”

පසුගියදා Sky News පුවත් සේවය අනාවරණය කළේ මුහුදුබත් වෙමින් පවතින නැව අවට තෙල් පැල්ලමක් චන්ද්‍රිකා ඡායාරූපවල දැක්වෙන බවයි. එය ශ්‍රී ලංකා බලධාරීන් විසින් ප්‍රතික්ෂේප කරමින් සඳහන් කරේ එවැනි ඉන්ධන කාන්දුවක් නොමැති බවයි.

එසේම එතෙක් ඔවුන් පවසමින් සිටියේ නැවෙහි පවතින ඉන්ධන ඉවත් කිරීමට තමන්ට අවශ්‍ය තාක්ෂණය නොමැති නිසා විදේශ රටවල උදව් උපකාර ඉල්ලා ඇති බවයි.

දැන් හදිසියේම ඉන්ධන අතුරුදහන් වී ඇති බව පැවසීම සම්බන්ධයෙන් බොහෝ පරිසරවේදීන් සැක මතු කරමින් සිටියි.

මේ අතර, ගින්නෙන් සිදුවන පාරිසරික හානිය තවදුරටත් පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව විදේශ රටවල සහය ඉල්ලා තිබේ.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ හා යුරෝපා සංගමයේ සහය ලබාගැනීමට නියමිත රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවාපවසයි.

මේවනවිට දිගින් දිගටම ලංකාවේ බස්නාහිර වෙරළ තීරයට මිය ගිය සමුද්‍ර ජීවීන්ගේ සිරුරු ගොඩගසමින් තිබේ. එම සතුන් මිය යාමට හේතුව මේ වනතෙක් අනාවරණය කර නැත.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...