Breaking News

කෙහෙළියට කෝටි 35 ගෙවල් හදන්න, දූට කොළඹින් ගෙවල් ගන්න සල්ලි කොහෙන්ද? – විශාල ඖෂධ ජාවාරමක් ගැන පුබුදු හෙළි කරයි

කෙහෙළිය රමුක්වැල්ල මහනුවර කෝටි 35ක වියදමකින් ගෙයක් හැදීම සහ කෙහෙළියගේ දුවගේ නමට කොළඹ මහල් නිවාස මිලට ගෙන තිබීම ගැන වහා අල්ලස් හා දුෂණ කොමිෂන් සභාවෙන් පරීක්ෂණයක් කැඳවිය යුතු බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි. අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ ඇමතිවරයෙක් වී වසරක් ඇතුළත මෙවැනි වත්කමක් සහිතවීම සැක සහිත බවයි.

පුබුදු ජයගොඩ වැඩිදුරටත් පැවසුවේ,

“කෙහෙළිය මොකක්ද කරන්නේ කියලා හොදටම පැහැදිලියි. මුලින් ඖෂධ හිඟයක් ඇති කරනවා. ඊට පස්සේ ඖෂධ හිඟයි කියලා හදිසි මිලදී ගැනීම් කරනවා. හදිසි මිලදී ගැනීම්වලදී ටෙන්ඩර් කැඳවන්නේ නැතුව අධික මිලට ඖෂධ මිලදී ගන්නවා. ඒ ඖෂධ හරහා ලොකු වංචාවක් යනවා. දෙවැනි එක තමයි ඖෂධ නැහැ හදිසියි කියලා ලියාපදිංචි නොවූ සමාගම්වලින් ඖෂධ ගේනවා. ඒ ඖෂධ හරහා කොමිස් ජාවාරමක් සිද්ධ වෙනවා. දැන් අලුතෙනම් සිදුවෙමින් යන එක ටෙන්ඩර් කැඳවනවා. ටෙන්ඩර් කැඳවීමට අදාළ රජයේ තියෙන රිති රෙගුලාසි සියල්ල උල්ලංඝනය කරලා අඩුමිල සමාගම්වලට අඩුමිල සමාගම්වලට ටෙන්ඩරය නොදී වැඩිමිල සමාගම්වලට දෙනවා. ගියවර මාධ්‍ය හමුවේදී අපි කිව්වා පිළිකා ඖෂධ 41ක හිඟයක් තියෙනවා කියලා. මේ ඖෂධ තොග මුළුමනින් අවසන් වෙලා තියෙන්නේ. පිළිකා ඖෂධ 41ක් ශුන්‍යවනතුරු සෞඛ්‍ය ඇමති පොල් ගෑවද? පොල් ගෑවද වෛද්‍ය සැපයුම් අංශය. පොල් ගෑවද රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව. සෞඛ්‍ය අමාත්‍යංශය අවුරුද්දක් තිස්සේ මොකද කරේ. දැන් හදිසියි කියලා පිළිකා නාශක ඖෂධ 43ක ටෙන්ඩර් කැඳවීමක් කරලා තියෙනවා. ඊයේ මාධ්‍ය හමුවක් තියලා කෙහෙළිය බොරු කිව්වා මේ ටෙන්ඩරය අවසන් නැහැ කියලා. මේ ටෙන්ඩරය සඳහන් වෙනවා පෙබරවාරි 17 ටෙන්ඩරය අවසන් කියලා. මේ ඖෂධ ලැයිස්තුවෙන් යාදෙන් ඉන්ටර්නැෂනල් කියන සමාගමට තමයි ඖෂධ 43න් 19ක් ම දීලා තියෙන්නේ. ඒ දීලා තියෙන්නේ වෙනත් සමාගම් අඩු මුදලට ඖෂධ තියෙද්දී..ඊට අමතරව ඉන්දියානු සමාගමකින් අපස්මාරය සඳහා ගන්න පෙති කෝටි දෙකක් මිලට ගන්න තීරණය කරලා තිබුණා. දැන් ඒක සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මොකද පෙති 10ක් තියෙනවා කියන පැක් එකේ පෙති තියෙන්නේ පෙති 08යි. නැත්තම් ඊටත් අඩුවෙන්. මේ වංචා කරන්නේ පිළිකා රෝගීනට, අපස්මාර රෝගීන්ට, හර්ද රෝගීන්ට, වකුගඩු රෝගීන්ට. මරණය මූන ඉස්සරහ තියාගෙන ඉන්න රෝගීන්ගෙන් මේ වංචා කරන්නේ. මේවට විරුද්ධව සෞඛ්‍ය සේවකයෝ අරගල කරනකොට කියනවා සෞඛ්‍ය සේවය කඩාකප්පල් වෙනවා කියලා.

අනික මේ සල්ලි කාගේද? පිළීකා ඖෂධ නැහැ කියලා කිව්වම විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඔවුන්ගේ තිබුණු අරමුදලික්න් රුපියල් කොටි 30ක් දුන්නා. ඒ සල්ලිවලින් ගන්න ඖෂධ මේ වංචා කරලා තියෙන්නේ. කෝටි 10ක් වංචා කරලා තියෙනවා. විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඖෂධ කියලා කියන්නේ අර මැදපෙරදිග ගෘහසේවයට ගිහින් දවසට පැය 10 20 වැඩකරලා මැරිලා, ගුටි කාලා, ඇන ගහගෙන එන මිනිස්සු රජයට ගෙවපු ගාස්තුවෙන් හදපු අරමුදල. කොරියාවට ජපානයට යන තරුණයෝ නොවිදිනා දුක් විදලා රජයට ගෙවපු ගාස්තුවෙන් හදපු අරමුදල. ”

 

leave a reply