කඩිනමින් සැකසූ තාවකාලික අංගනයේ වැඩ අරඹයි.

කොළඹ වරාය තුළ මතුව ඇති බාහලුම් තදබදය අවම කිරීම සඳහා බ්ලුමැන්ඩල් ප්‍රදේශයේ අක්කර 2.5 බිම්කඩක් තාවකාලික බහලුම් අංගනයක් ලෙස කඩිනමින් නිර්මාණය කර අද වැඩ අරඹන්නට රජය කටයුතු කර තිබුණා.

කොළඹ වරායේ බහලුන් තදබදය පසුගිය සති කීපයේම ප්‍රමුඛ පුවතක් බවට පත්වී තිබුණු අතර මේ තදබදයට මුවාවී පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 300ක් නිදහස් කර තිබූ බවට චෝදනාවක් ද එල්ල වුණා. Scan පරීක්ෂණයකට මේ කන්ටේනර් ලක් කළ බව රජය ප්‍රකාශ කළද රජය වෙත චෝදනාව එල්ල කරන පාර්ශ්ව ප්‍රකාශ කරන්නේ ඒවා රතු ලේබල් සහිත කන්ටේනර් බවයි.

නිදහස් කළ කන්ටේනර් වල හිමිකාරීත්වය පිළිබඳව සහ සම්බන්ධතාවය පිළිබඳව රජයේ ප්‍රබල ආණ්ඩුකාරවරයෙකුගේ නම ද ගෑවී තිබීම විශේෂත්වයක් වෙනවා.

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...