මේ පත්වීම දෙන මාවත් මතක තියා ගත්තාට කමක් නෑ-දුමින්ද දිසානායක

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, අපි හැම තිස්සේම අපිට අනාගතයේ බලය ලබා ගැනීම වෙනුවෙන් කටයුතු කරන්නේ යැයි රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා පැවසීය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කර සිටියේ, රැකියා ලක්ෂයේ දෙවැනි අදියර යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ 58 දෙනෙකු වෙත පත්වීම් ලිපි ප්‍රදානය කරමින්ය.පළමු අදියර යටතේ පත්වීම් 59 ක් ප්‍රදානය කෙරුණු අතර, මීට පෙර පළමු අදියර යටතේ දුමින්ද දිසානායක මහතා විසින් පත්වීම් 298 ක් ප්‍රදානය කෙරිණි.

එහිදී අදහස් දැක්වූ රාජ්‍යය අමාත්‍යය දුමින්ද දිසානායක මහතා,

සමහර මෙතන ඉන්න අය මට මනාප දීලත් නැතිව ඇති, මාව දන්නෙත් නැතිව ඇති මේ ගෙදරට කලින් ඇවිල්ලත් නැතිව ඇති, පළමු වැනි වතාවට වෙන්න ඇති මේ ගෙදරට එන්න ඇති.මාව අදුරගෙන, මට වැඩකරලා, පෝස්ටර් ගහලා නෙමෙයි ඔය අය ආවේ.

අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට, අපි හැම තිස්සේම අපිට අනාගතයේ බලය ලබා ගැනීම වෙනුවෙන් ඉතිහාසයේ අපි වැඩ කරපු ක්‍රමයට, විශේෂයෙන්ම මගේ පියා වන බර්ටි ප්‍රේමලාල් දිසානායක මැතිතුමා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන 07 ත් එක්කම වැඩ කරා, අපි ආසන 07ම අපේ කියලා හිතුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ සියලු දෙනා එකම කණ්ඩායමක්, එකම පවුලක් කියලා අපි හිතුවේ.

මේ පත්වීම දෙන මාවත් මතක තියා ගත්තාට කමක් නෑ, අවශ්‍යතාවක් තියෙනවා නම්.හැබැයි නෑ කියලත් තරහක් නෑ,අපි මේ ප්‍රථිඋපකාරයක් බලාගෙන කරන දෙයක් නෙමෙයි.අපිව පත් කරපු ඔබතුමන්ලා වෙනුවෙන් අපෙන් විය යුතු සේවාවක් විදිහට තමයි මේ රැකියාව ඔබතුමන්ලාට ලබා දීලා තියෙන්නේ.

තිසර සමල් – එප්පාවල

Share post:

Popular

වෙනත් පුවත්

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...

ටෙස්ලා පියාඹන කාරයක් නිපදවයි

ප්‍රමුඛ විදුලි මෝටර් රථ නිෂ්පාදන සමාගමක් වන ටෙස්ලා සමාගම...

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හැමෝටම කලින් සඟසතු කරයි

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ සංශෝධනය කර ජාතික අධ්‍යාපන ආයතනය...

කාවන්තිස්ස ඇතා මියයයි

කාවන්තිස්ස හස්තිරාජයා මීට සුළු මොහොතකට පෙර මියගොස් තිබෙන බව...