ඉන්ධන ගැටලුව විසඳීම වෙනුවට තෙල් පෝලිම්වල ‘විනය’ ගැන හිතන ආණ්ඩුවක්

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මැදිහත්වීම යටතේ ක්‍රියාත්මක ඉන්ධන හල් අධීක්ෂණය කිරීම සඳහා යුද හමුදා සෙබළුන් යෙදවීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව, අද සිට ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත්ව සිදුවන්නේද යන්න පිළිබඳව හමුදා සෙබළුන් යොදවා නිරීක්ෂණය කරන බවයි යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න පවසා තිබේ.

ඉන්ධන හල් වෙත ලබාදෙන ඉන්ධන තොග නිසි පරිදි බෙදා හැරීම සිදු නොවන බවට වාර්තා වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර මේ නිසා ඉන්ධන ලබා ගැනීම සඳහා දිගු පෝලිම්වල රැඳී සිටීමට ජනතාවට සිදුව ඇති තිබේ. එම පෝලිම්වලදී ඇතිවන නොසන්සුන්කාරී තත්වයන් සම්බන්ධයෙන් දිනපතා වාර්තා වේ.

මෙවැනි නොසන්සුන්කාරී තත්වයත් ඇතැම්විට ගැටුම් දක්වා දුරදිග යන අතර පෙරේදා රාත්‍රියේදී එවැනි ගැටුමක් හේතුවෙන් පුද්ගලයෙකු ඝාතනයට ලක් විය.

මෙම තත්වය මත බවුසර් මගින් ඉන්ධහල් වෙත රැගෙන එන ඉන්ධන තොග නිසි පරිදි පාරිභෝගියක් වෙත බෙදා හරින්නේද යන්න යුද හමුදා සෙබළුන් විසින් නිරීක්ෂණය කරන බවත්, ඒ හැර වෙනත් කිසිදු කාර්යයකට හමුදා සෙබළුන් මැදිහත් නොවන බවත් යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර තිබේ.

බඩු මිල ඉහල යාම නිසා මතුව ඇති ජීවන බරට අමතරව අත්‍යවශ්‍ය භාණ්ඩ පවා හිඟ වීම නිසා ජනතාව සිටින්නේ දැඩි ආතතියකිනි. මේ එසේම ජනතාවගේ කෝපය ආණ්ඩුව කෙරෙහි එල්ල වෙමින් ඇති ආකාරයද දැකිය හැක.

ඊයේ දිනයේ වාර්තා වූ පරිදි කෑගල්ල ප්‍රදේශයේදී රාජ්‍ය අමාත්‍ය කනක හේරත්ට ගෑස් පෝලිමක සිටි ජනතාවගෙන් ගෑස් සිලින්ඩර් ප්‍රහාරයක් ද එල්ල වී තිබුණි.

දැනට ඉන්ධන පිරවුම්හල් ආශ්‍රිතව පවතින ගැටලුව වන්නේ ප්‍රමාණවත්ව ඉන්ධන නොලැබීම වන අතර ඒ හේතුවන් ජනතාවට පැය ගණන් පෝලිම්වල සිටීමට සිදුව තිබේ. එයට විසදුමක් ලෙස අවශ්‍ය කෙරෙන්නේ ඉන්ධන ප්‍රශ්නය විසඳීමයි. ඒ වෙනුවට ඉන්ධන ක්‍රමවත්ව බෙදා හැරීමට කියමින් හමුදාව යෙදවීමේ අරමුණ ජනතාව බිය ගැන්වීමට ද යන සැකය ඇති වේ. මන්ද ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයාව සිටි සමයේ පවා රතුපස්වල වැනි ජනතා සටන් මර්දනය කරනු ලැබුවේ හමුදාව යෙදවිමන් බව අමතක නොකළ යුතුය.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...