රටේ පවතින සහල් හිගයට පිළියමක් ලෙස සීමාවන් වලට යටත්ව පිටරටින් සහල් ගෙන්වීමට රජය පියවර ගෙන තිබේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී මේ බව ප්‍රකාශ කර සිටියා .
ඒ අනුව ඉදිරි කාලයේදී සහල් මෙට්‍රික් ටොන් 70 000 ක් ආනයනය කිරීමට රජය කටයුතු කරනු ඇති. සහාල් ගෙන්වීම සඳහා අවසර ලබා දී තිබෙන්නේ සතොස සහ රාජ්‍ය වාණිජ (විවිධ) නීතිගත සංස්ථාවටයි .
රටේ පවතින සහල් හිඟය තුරන් කිරීම සඳහා ජනාධිපතිවරයා සෘජුව මැදිහත් වී මහා පරිමාණ වී මෝල් හිමියන් සමඟ සාකච්ඡා කළද එම සාකච්ඡාවෙන් කිසිදු පලක් ප්‍රයෝජනයක් වී නොමැත. ඩඩ්ලි සිරිසේන මාධ්‍ය සාකච්ඡා පවත්වා පාලන මිලට සහල් වෙළඳපොළට නිකුත් කරන බව පැවසුවද සහල් හිඟය අඩු කිරීම සඳහා කිසිදු පියවරක් ගෙන නැති බව තවදුරටත් පවතින සහල් හිඟය තුළින් පෙන්නුම් කරනවා.
පසුගිය කන්නයේ ස්වැන්න ලංකාවේ පරිභෝජනයට අවශ්‍ය කරන ප්‍රමාණයේ ඉක්මවා ලැබුණත් එම වී වලට කුමක් සිදුවීද යන්න අභිරහසකි. අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් වීමෝල් වල තිබෙන වී තොග පිළිබඳ තොරතුරු රැස්කර ණය වාර්තාවක් සකසා ඇති අතර එම වාර්තාව මාධ්‍ය වෙත අනාවරණය කළේ නැහැ.
එපමණක්ද නොව රටේ පවතින සහල් හිඟය සමනය කිරීමට මැදිහත්වීම් නොකරන්නේ නම් තොග සඟවාගෙන සිටින අයට නිතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ව්‍යංගයෙන් ප්‍රකාශ කළ ද ඒ සම්බන්ධ කිසිදු පියවරක් ගෙන නොමැති අතර පරණ පුරුදු පාරේම යමින් පරණ ආණ්ඩු කළා සේම සහල් හිඟයට පිළියමක් ලෙස පිටරටින් සහල් ගෙන්වන්නට මේ රජය ද කටයුතු කරමින් තිබේ.
පහුගිය කන්න දෙකේ විතරක්, වී මෙට්‍රික් ටොන් මිලියන 4.8ක් නිෂ්පාදන තියෙනවා.නාඩු වී තියෙන්නේ මිලියන 3.1 ක් . සීයට 65කට ආසන්න ප්‍රමාණයක් බත් කන්නේ නාඩු. නාඩු වී මිලියන 3.1 හාල් කළාම එන්නේ මිලියන 2.1යි. සහල් මිලියන මෙට්‍රික් ටොන් 2.1 මාස 12 බෙදපුවාම මාසෙකට මෙට්‍රික් ටොන් 183,000ක් පරිභෝජනය සඳහා ඉතිරි වෙනවා. මාසික පරිභෝජනය මෙට්‍රික් ටොන් 140,000යි. සමහරුන්ට කියන්න පුලුවන් අරක්කු නිෂ්පාදනයට පොඩි ප්‍රමාණයක් ගන්නවා…. වෙළඳපළ තුළ වී ටික සහල් කරලා පාරිභෝගිකයාට ලබා දීමට වී වලට සහ සහල්වලට පාලන මිලක් පැනෙව්වාට පස්සේ සහල් ටක පාරිභෝගිකයට ලැබෙන්නේ නැහැ…..අපේ රටේ මහ කන්න පටන් අරන් තියෙනවා. ජනවාරි 15 විතර වෙද්දී මහ කන්නේ වී අස්වැන්න එනවා. වී අස්වැන්නෙන් පහෙන් තුනකට වඩා දෙන්නේ මහ කන්නයේ. එතකොට ගොවියාගේ වී මිලට බලපෑමක් නොවෙන්නත් ඕනෑ. පාරිභෝගිකයනට සහල් වුවමනාවකුත් තියෙනවා.මේ සියල්ල සැලකුවාට පස්සේ ගන්න තියෙන හොඳම තීන්දුව අරන් තියෙනවා. මසකට මෙට්‍රික් ටොන් 140,000ක පමණ අවශ්‍යතාවක් තියෙන්නේ නාඩු සහල්. පොදුවේ සියළු සහල් මාසෙක පරිභෝජනය මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකක් පමණ. 140,000 නාඩු එන්නේ. ඒ නිසා ආණ්ඩුව ප්‍රතිපත්තිමය තීරණයක ඉන්නවා, රාජ්‍ය ආයතන දෙකක් තියෙනවා සහල් ආනයනය කිරීම සඳහා. මෙට්‍රික් ටොන් 70,000ක සීමාවට යටත්ව සතොස සහ එස්ටීසී ආයතනයට සහල් ආනයනය සඳහා අවසර ලබා දෙන්න. කෙටිකාලීන සහල් හිඟයට විසඳුම් සෙවීම සඳහා නාඩු සහල් ආනයනය කරනවා. ආනයනකරුවන් 30 දෙනෙක් විතර ඉන්නවා. මේ 70,000 දෙන්නේ කොහොමද කියලා ඉන්නේ. තනි කෙනෙකුට මේක දෙන එක අවදානමක් තියෙනවා. තනි කෙනෙකුට දීලා ප්‍රශ්නයක් වුණොත් ප්‍රමිතියේ ප්‍රශ්නයක් එනවා. පැහැදිලිව අවධාරණය කරලා තියෙනවා, සාම්පල් එකේ ප්‍රමිතිය අඩු නම් වෙන හාල් ගේන්න බැහැ.