-
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා බිඳ දමා ඉදිරි ගමනක් නැතැයි ජනාධිපතිවරයා පවසා තිබේ. මූල්‍ය අරමුදලේ එකඟතා අනුව ආර්ථිකය හසුරුවන බවද ඔහු පවසා ඇත. ඒ අනුව මූල්‍ය අරමුදලේ (IMF) විස්තීර්ණ ණය පහසුකමට අදාළ තෙවැනි සමාලෝචනයේ කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවය එළඹෙන 23 වන දා අත්සන් කිරීමට නියමිත බව ජනාධිපතිවරයා අනාවරණය කළේය.
-
ජාතිවාදී දේශපාලනයට ඉඩ නොදෙන බවත්, ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ඔස්සේ කිසිදු පුරවැසියෙකු තමන් අදහන ආගම, තමන්ගේ භාෂාව, තම තමන්ගේ සංස්කෘතීන් අනුව, හුදෙකළා වීමකට ලක් නොවිය යුතු බව අවධාරණය කෙරුණි.
-
සංචාරකයින් මිලියන 4ක් මෙරටට ගෙන්වීම ඔස්සේ ඩොලර් බිලියන 8ක ඉලක්කයක් සපුරා ගැනීම ඉදිරි වසර 3 හෝ 4ක කාලය තුළ රජයේ තවත් එක් ප්‍රතිපත්තියක් බව සඳහන් කෙරුණි.
-
ලබන වසරේ අයවැය මගින් ‘අස්වැසුම’ දීමනා සහ රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බව ප්‍රකාශයට පත් කෙරුණි.
-
ආන්දෝලනයකට ලක්වූ අපරාධ රැසක් යළි විමර්ශනය කර වින්දිතයින්ට සාධාරණයත්, අපරාධකරුවන්ට දඬුවම් ලබාදීමත් තුළින් ජනතාවට නීතිය පිළිබඳව යළි විශ්වාසය ගොඩනැගීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පැවසීය.
-
පාසල් උපකරණ, පොත්පත් මිලදී ගැනීම සඳහා රජයෙන් දීමනාවක්ද, ළඳරු මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් සඳහා දීමනාවක්ද, ගැබිනි මව්වරුන් සඳහා පෝෂ්‍යදායී ආහාර වේලක් ලබා දීමටද කටයුතු කරන බව සඳහන් කෙරුණි.
-
“ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් පුරවැසියාගේ යහපත් පරිවර්තනයකින් තොරව එකී ජයග්‍රහණය සාර්ථක කරගත නොහැකි බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියේ ය.
-
වෙළඳපොල නියාමනයට කටයුතු කළ යුතු බව පැවසූ ජනපතිවරයා පාර්ලිමේන්තුව හරහා ගොඩනගන අධිකාරීන් සහ නීති හරහා යම් ක්ෂේත්‍ර වෙත අවධානය යොමුකළ යුතු බව පැවසී ය.
-
බලශක්ති වෙළඳපොල නිදහස් තරගය විසින්ම තීරණය නොවිය යුතු බවත්, ආර්ථිකයේ ඉතා සවේදී ස්ථානයක් වන බලශක්ති වෙළඳපොල හැසිරවීමේදී රජයේද නියෝජනයක අවශ්‍යතාවයක් පවතින බව අවධාරණය කෙරුණි.
-
මූල්‍ය වෙළඳපොල සඳහාද රාජ්‍ය මැඳිහත්වීම සිදුවිය යුතු බවත්, යළි සමූපකාර ජාලය ශක්තිමත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ජනාධිපතිවරයා පවසා සිටියේ ය.
-
යහපත් රාජ්‍ය සේවයක් සඳහා ජනතාව තමන්ගේ ප්‍රතිපත්ති සඳහා කැමැත්ත ලබා දී ඇති බවත්, මහජනයාගේ හිතසුව පිණිස වැඩකරනු ලබන කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ගොඩනැගීම තම රජයේ අභිප්‍රාය බව ජනාධිපතිවරයා පැවසීය.
-
තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රය සම්බන්ධයෙන්ද වෘත්තියවේදීන්ගේ අවශ්‍යතාවයක් පවතින බවත්, දැනට 85,000ක්ව පවතින මෙරට තොරතුරු තාක්ෂණ වෘත්තියවේදීන් වසර පහක් තුළ ලක්ෂ 2ක අගයකට ගෙන ඒමටද කටයුතු කරන අතර එම ක්ෂේත්‍රයෙන් දැනට පවතින ඩොලර් බිලියන 1.2ක පමණ පවතින ආදායම ඩොලර් බිලියන 5ක් දක්වා ඉහළ දැමීමට කටයුතු කරන බවද සඳහන් කළේය.
Breaking News
-
රටේ ජනතාව ගෘහස්ථ වශයෙන් පොල් පරිභෝජනය කිරීමේදී පොල්කිරි සහ සම්බෝල වශයෙන් පාවිච්චි කිරීම නිසා පොල්…
-
ආණ්ඩුව සහල් ප්රශ්නය විසඳීමේ දී රැවුලයි කැඳයි දෙකම බේරා ගැනීමට උත්සාහ කරන බවට මත පලවෙමින්…
-
ප්රකෝටිපතියන් පැවැත්මට ඉඩ දීම සදාචාරාත්මකද යන්න සලකා බැලිය යුතු යැයි කරන ඉල්ලීම් අපි දැක ඇත්තෙමු.…
-
නව පනතක් සම්මත කරගන්නා තෙක් දැනට පවත්වන ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනත ඉතා පරිස්සමෙන් පවත්වාගෙන…
-
පොලිසියට 21000ක අඩුපාඩුවක් තිබෙන බව හොරණ පැවැති ජන හමුවකදී ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කරනවා…
-
පරිසර මධ්‍යස්ථානය මගින් 2025 ජනවාරි 06 දින කොළඹ 07, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල…
-
වාලච්චේනේ කඩදාසි කම්මල නැවතත් විවෘත කිරීම ගැන කතා බහක් ඇතිව තිබේ. සමාජ මාධ්‍ය ඔස්සේ අදහස්…
-
අතීතයේ සිට එන ගැටළු දෙකකට මුහුණදීමට රජයට සිදුව තිබේ. එකක් රජයෙන් බාහිර වන අතර අනෙක…
-
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුවට අනුව මහින්ද රාජපක්ෂ ජීවත්වන කොළඹ නිවසේ කුලී වටිනාකම ලක්ෂ හතළිස් හයක්…
-
71 කැරැල්ලේ පොඩි අතුල නම් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ . න්නේ…