ගෝඨාභය අලි සබ්‍රිගේ පැත්ත ගනියි – ඥානසාරගේ කාර්ය සාධන බලකායේ තටු කපයි

ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් යුතු එක රටක් එක නීතියක් සඳහාවූ ජනාධිපති කාර්ය සාධක බලකායේ බලතල (කාර්යභාරය) සීමා කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් අලුතින් නිකුත් කරනු ලැබ ඇත.

මෙම නව ගැසට් නිවේදනය අනුව එම කාර්යය සාධක බලකායට මින් ඉදිරියට පැවරෙන්නේ ශ්‍රී ලංකාවේ එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශ්වයන් දරන අදහස් හා මතවාද සැලකිල්ලට ගනිමින් සහ එකී සංකල්පය අධ්‍යයනය කිරීමෙන් අනතුරුව ඒ සඳහා ශ්‍රී ලංකාවට ආවේණිකවූ සංකල්පමය රාමුවක් සකස් කිරීම සඳහා යෝජනාව ඉදිරිපත් කිරීම පමණි.

එම ජනාධිපති කාර්ය සාධක බලකාය පිහිටුවමින් ජනාධිපතිවරයා විසින් මුලින් ප්‍රකාශයට පත් කෙරුණු ගැසට් නිවේදනය මගින් අධිකරණ අමාත්‍යාංශයේ පනත් කෙටුම්පත් පිළිබඳව සලකා බැලීම යනාදී බලතලද එම කමිටුවට හිමිව තිබිණ.

එම තීරණය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රිගේ අප්‍රසාදය පළ වී තිබූ අතර තීරණයට විරෝධය පා ඔහු සිය ඇමති ධූරයෙන් සහ මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වීමට අදාළ ලිපි ජනාධිපතිවරයා හමුවී පසුගියදා බාර දෙන ලදී.

එහෙත් ජනාධිපතිවරයා එම ඉල්ලා අස්වීමේ ලිපි බාරගෙන තිබුණේ නැත.

එසේම මුල් ගැසට් නිවේදනය වෙනස් කරමින් පසුගිය 6වැනිදා දාතමින් යුතුව නව ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබුණි.

මේ අතර මෙම කොමිසමේ සාමාජිකයන් ලෙස කටයුතු කළ මහාචාර්ය දයානන්ද බණ්ඩා සහ කථිකාචාර්ය මොහොමඩ් ඉන්තිකාබ් යන අය එම කාර්ය සාධක බලකායෙන් පසුගියදා ඉවත්වී ඇතැයි වාර්තා වේ.

මේ අනුව අළුත් සාමාජිකයෝ තිදෙනෙක් එම කාර්යය සාධක බලකායට ජනාධිපතිවරයා විසින් පත් කර තිබේ.

මෙසේ නව සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ ඇත්තේ රාමලිංගම් චක්‍රවර්ති කරුණාකරන්, යෝගේස්වරී සද්ගුණරාජා සහ අයියාම් පිල්ලේ දයානන්ද රාජා යන අයයි.

එම සාමාජිකයන් තිදෙනා පත්කර ඇත්තේද කාර්ය සාධක බළකායේ බලතල සීමා කරමින් ප්‍රකාශයට පත් කෙරුණු ජනාධිපතිවරයාගේ අති විශේෂ ගැසට් නිවේදනය මගිනි.

Share post:

Popular

වෙනත් පුවත්

දිවි හිමියෙන් සටන් වැදුණු පරපුරක සිහිනය සමාජවාදයයි!’

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ 37 වන ඉල්මහා විරු සමරුවේදී දුමින්ද...

කස්සපගේ පැටිකිරිය හොයන්න පොලිසිය සූදානම් 

රටේ ජනතාව අනුරාධපුරයේ භික්ෂු ගැටුම දෙස බලාගෙන ඒ ගැන...

අධ්‍යාපන වියදම් – අගමැතිනියයි අන්තරෙයි මත දෙකක

2027 අයවැය මගින් අධ්‍යාපන අංශය සඳහා රුපියල් බිලියන 749ක්...

2027 අයවැය සාරාංශයක්

2027 අයවැය මගින්, වැටුප් ලබන බදු ගෙවන්නන්ට අප්‍රේල් මාසයේ...