ධානිශ් අලී 15දක්වා රිමාන්ඩ්

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වී බලහත්කාරයෙන් කටයුතු කලැයි යන චෝදනා එල්ල කරමින් අනීතිකව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ සමාජ ක්‍රියාකාරී ධානිශ් අලී ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද (01) නියෝග කර තිබේ.

ධානිශ් අලී විදේශගත වීමට සූදානම්ව සිටිමින් ගුවන් යානයක රැඳී සිටියදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවේ ඉකුත් 26 වැනිදාය. වරෙන්තුවක් හෝ විදෙස් ගමන් තහනමක් හෝ නොමැතිව අත්අඩංගුවට ගත් ඔහු නැවත අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබුණේ ඉකුත් 27 වැනිදාය.

රූපවාහිනී සංස්ථාවට අයුතු ලෙස ඇතුළු වීමේ සිද්ධියට අදාළව මෙම සැකකරු හඳුනා ගැනීමේ හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන්නැයි පොලීසිය කළ ඉල්ලීමකට අනුව එහිදී මහේස්ත්‍රාත්වරයා අද (01) මෙම සැකකරු හඳුනා ගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාරයට නියෝග කර තිබුණි.

ධානිශ් අලී මුළු ලෝකෙම දැනගෙන සිටි අවස්ථාවක හදුනාගැනීමේ පෙරට්ටුවක් අවශ්‍ය නොවන බව සඳහන් කරමින් එය අවලංගු කල මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 15 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ කුරුඳුවත්ත පොලිසිය මගිනි.

Share post:

Popular

වෙනත් පුවත්

අසියානු කුසලාන කාන්තා තීරණාත්මක තරඟ තුන හෙටින් ආරම්භ වේ .

2026 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය...

උණට කොත්තමල්ලි බීල ඉන්න බැරිවෙයි වගේ

පසුගියදා ජනාධිපතිවරයා බුලත්සිංහල පැවති රැස්වීමකදී හිතුන හිතුන වෙලාවට රෝහල්වලට...

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වර්ජනයට විසඳුම් නැත්නම් අඛන්ඩ ක්‍රියාමාර්ගයකට

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන රජයේ සියලු විශ්වවිද්‍යාලවල ආචාර්යවරුන් අද...

වසර 38ට පස්සේ ඉන්දියන් ආරක්ෂක ඇමති එන හේතුව

වසර 38කට පසු ඉන්දියාවේ ආරක්ෂක ඇමතිවරයෙක් ලංකාවට පැමිණෙන්නේ දෙරටේ...