Breaking News

ජනාධිපති සහ අගමැති නිර්පාක්ෂිකයින් විය යුතුයි – කුමාර් ගුණරත්නම්

පාර්ලිමේන්තුව තුල තිබෙන ඔළු ගෙඩි පාචිච්චි කරමින් තවදුරටත් බලයේ සිටීමට පොදුජන පෙරමුණට මෙන්ම රනිල් වික්‍රමසිංහට කිසිදු අයිතියක් නොමැති බවත් තව දුරටත් එසේ ඔවුන් සිදු කරන්නේ නම් රට තව දුරටත් අරාජිකත්වය කරා රැගෙන යාමක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් කුමාර් ගුණරත්නම් පවසයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලෙස නිර්පාර්ශික පුද්ගලයින් ඉදිරිපත් වන්නේ නම් එය වඩාත් යහපත් බව පෙන්වා දෙන ඔහු සදහන් කරන්නේ ඒ සදහා ජාතික ලයිස්තු මන්ත්‍රීවරු දෙදෙනෙකු ඉවත්වී නිර්පාර්ශිකයින් දෙදෙනෙකුට අවස්තාව ලබා දිය හැකි බවයි. එවන් නිර්පාර්ශිකයින් නිර්දේශ කිරීමට තමන් සූදානම් නොමැති බවත් පවසන ඔහු සදහන් කලේ එවැනි පුද්ගයින් මෙරට ඕනෑ තරම් සිටින බවයි. කුමාර් ගුණරත්නම් පවසන්නේ කවුරුන් පැමිණියද මෙම ජනතා බලයේ අභිලාශයන් ඉටුකිරීම සදහා ඔහු බැදී සිටින බවයි.

ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ලෙස මෙම අවස්තාවේ දේශපාලන පක්ෂවල නායකයින් හෝ දේශපාලන පක්ෂ නියෝජිතයින් නියෝජනය කිරීම තුලින් ජනතාවගේ පරමාර්ථයන් ඉටු නොවන බවත් ඔවුන් දේශපාලනික වීම තුලින් ඔවුන් තම තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කිරීමට කටයුතු කිරීමෙන් රට අරාජික විය හැකි බවද කුමාර් ගුණරත්නම් පවසයි.

පාර්ලිමේන්තුවෙන් එළියේ තිබෙන ජනතා බලය මේ වන විට පෙන්නුම්කර ඇති බැවින් සියළුම දෙනා එම බලය තේරුම් ගෙන කටයුතු කල යුතු බවත් එසේ නොමැති නම් ජනතාව නැවත වරක් තම බලය පෙන්නුම් කිරීමට කටයුතු කරනු ඇති බවත් පවසන කුමාර් ගුනරත්නම් සදහන් කරන්නේ අරගයේ සිටින පිරිස් සමග පාර්ලිමෙන්තුවේ ආණ්ඩුකරන පිරිස් යම් සම්මුතියකට එළඹිය යුතු බවයි.

පොදුජන පෙරමුණට හිමිව තිබූ ජනවරම මේ වන විට ජනතාව විසින්ම අහෝසිකර ඇති අතර ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීමට සිදු වූයේ ඒ නිසා බව පොදුජන පෙරමුණ තේරුම්ගත යුතුව ඇති බවද පවසන කුමාර් ගුණරත්නම් සදහන් කරන්නේ අරගයේ අභිලාෂයන් ඉටුකිරීමට නම් එහි අරමුණු කෙරෙහි අවධානය යොමු කරමින් කිසිදු ජනවරමක් නැති රනිල් වික්‍රමසිංහද වහා ඉවත් යුතු බවයි.

ගොඨාභය රාජපක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් ලක්ෂ 69ක් ලබා ගත්තද එත් එම ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීම සදහා ඔහුට මෙන්ම පොදුජන පෙරමුණටද කිසිදු වැඩ පිළිවෙළක් නොතිබූ බව කුමාර් ගුණරත්නම් පවසයි. පොදුජන පෙරමුණේ දැනට සිටින පිරිසට ඉදිරියටත් දේශපාලනයේ යෙදීම සදහා අවශ්‍ය නම් තමන් අතින් සිදුවූ වැරදි පිළිබදව ස්වයං විවේචනයක් කර නැවත දේශපාලනයේ යෙදිය හැකි බව පවසන කුමාර් ගුණරත්නම් පෙන්වා දෙන්නේ එසේ නොවන්නේ නම් ඔවුන්ගේ දේශපාලන ගමන මෙයින් අවසන් වනු ඇති බවයි.

leave a reply