නව ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙලට රනිල්ගෙන් ප්‍රශංසා

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග තමා එකඟ වූ ප්‍රතිපත්ති රාමුව ඉදිරියට ගෙන යෑම ගැන ජනාධිපති අනුර කුමාර දිසානායක සහ වත්මන් ආණ්ඩුවට ප්‍රශංසා කරන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

ශ්‍රී ලංකාවට අයි.එම්.එෆ්. යෝජනාවලින් ඉවත්විය නොහැකි බව පැවසු හිටපු ජනාධිපතිවරයා රටේ දැනට පවතින ධාරිතාව සම්පූර්ණ වූ විට නව මාර්ග සොයාගත යුතු බවත් ඊට යොමු වීමට කාලයක් ගතවනු ඇති බවත් සඳහන් කළා.

අමාරි කලම්බු හෝටලය විවෘත කිරීමේ අවස්ථාවට පසුගිය නොවැම්බර් 30 එක්වෙමින් මේ බව පවසා සිටියා.

කඩා වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමේදී එතෙක් රටේ තිබූ ධාරිතාව සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට 2022-24 කාලයේ උත්සාහ කළ බව පැවසු වික්‍රමසිංහ ආර්ථික වර්ධන වේගය සියයට තුනක් අපේක්ෂා කළද එය සියයට පහක් දක්වා ගෙන ඒමට හැකිවූ බව සඳහන් කළා.

මෙරට සංචාරක ව්‍යාපාරය ආර්ථිකය දියුණු කිරීමේ එක් මාර්ගයක් බව ත් සංචාරක ව්‍යාපාරයේ යෙදී සිටින පුද්ගලයන් අලුතින් සිතා ව්‍යාපාර අවස්ථා වැඩි කළ යුතු බවත් පැවසුවා.

තවද 2028 වන විට නැවත ණය ගෙවීමට තිබෙන බැවින් අලුත් ආදායම් මාර්ග සොයාගත යුතු යැයි පැවසු රනිල් විදෙස් සංචාරකයකුගෙන් මෙරටට ලැබිය යුතු ආදායම ඩොලර් 50,100 වැනි මුදලකට එහා ගොස් ඩොලර් 300ක් ලබා ගැනීමට සැලසුම් කළ යුතු බව ද ප්‍රකාශ කළා.

එම ඉලක්කය සපුරා ගැනීමට නොහැකි වුවහොත් තමා අයි.එම්.එෆ්. සංවිධානය සමග ආරම්භ කළ වැඩපිළිවෙළින් කිසිදු ප්‍රයෝජනයක් නොලැබෙන බවද තවදුරටත් අදහස් දක්වමින් රනිල් පවසා සිටියා.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...