සිවිල් ඇඳුමින් වාහන නවත්වන්න එපායැයි දේශබන්දුගෙන් උපදෙස්

පොලිස් නිලධාරින් සිවිල් ඇඳුමින් රාජකාරි සිදු කරන අවස්ථාවල දී පරීක්‍ෂා කිරීම් සඳහා රථවාහන නැවැත්වීට කටයුතු නොකරන ලෙසට තමන් නවඋපදෙස් මාලාවක් ලබා දුන් බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පවසයි.

එම නව උපදෙස් මාලාව ඊයේ (19) දිනයේ සියලුම පොලිස් ස්ථානවලට යොමු කළ බව ඔහු පැවසීය.

පසුගිය 18 වනදා නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් නිලධාරියෙකු සිදු කළ වෙඩි තැබීමකින් රියදුරෙකු මිය යාමත් සමඟ මෙම නව උපදෙස් මාලාව ලබා දුන් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

නාරම්මල, රන්මුතුගල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි තැබීමකින් 41ක් හැවිරිදි පුද්ගලයෙකු (ජනවාරි මස 18 වැනිදා) ජීවිතක්ෂයට පත්විය.

සිවිල් ඇඳුමෙන් සැරසී සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකුගේ අත තිබුණු ගිනි අවිය ක්‍රියාත්මක වීමෙන් එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, රොෂාන් කුමාරතිලක නමැති තිදරු පියෙකු වන අතර, ඔහු මහාරච්චියමුල්ල ප්‍රදේශයේ පදිංචි වඩුකාර්මිකයෙකි. ඔහු කටුපොත ප්‍රදේශයේ සිට තම නිවෙස බලා යමින් සිටියදී මෙම සිද්ධියට මුහුණ පා තිබෙන බවත් කරුණු අනාවරණය වී තිබේ.

සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියෙකුට සාමාන්‍ය වැසියෙකුට වෙඩි තබන්න පුලුවන්ද ?

සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරියෙකුට සාමාන්‍ය වැසියෙකුට ගිනි අවියක් එල්ල කිරීමට හැකියාව තිබේදැයි බීබීසී සිංහල, විසින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දුව ගෙන් විමසා තිබිණ.

එයට පිළිතුරු දෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා ඇත්තේ, එවැනි දෙයක් සිදුකිරීමට පොලිස් නිලධාරියෙකුට සාධාරණ හේතුවක් තිබිය යුතු බවය.

“පොලිස් නිලධාරියෙක්ට එහෙම ගිනි අවියක් එල්ල කරන්න සාධාරණ හේතුවක් තියෙන්නේ ඕන. එයාගේ ජිවිතේ ආරක්ෂා කරගන්න හරි වෙනත් සාධාරණ හේතුවක් තියෙන්න අවශ්‍යයි.” පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

මේ අතර පොලිස් වෙඩි වැදීමකින් මියගිය ලොරි රථ රියදුරුගේ පවුලේ ඥාතීන් වෙත වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් රුපියල් මිලියනයක මුදලක් පරිත්‍යාග කර තිබෙනවා.

මේ අතර, අදාළ සිද්ධියට සම්බන්ධ උප පොලිස් පරීක්ෂකවරයාගේ සහ කොස්තාපල්වරයාගේ තාවකාලිකව වැඩ තහනම් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

නාරම්මල වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරවයා ඊයේ (19) පස්වරුවේ ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කිරීමට නියෝග කර තිබුණා.

නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ මෙම නියෝගය ලබා දී තිබෙනවා.

නාරම්මල – දම්පැලැස්ස වළංකඩේ ප්‍රදේශයේදී උප පොලිස් පරීක්ෂකවරයෙකු සිදුකළ වෙඩි තැබීමකින් ලොරි රථ රියදුරෙකු වන 41 හැවිරිදි තිදරු පියෙකු ජීවිතක්ෂයට පත් වුණා.

මෙලෙස මිය ගියේ මහරච්චිමුල්ල – වෑත්තෑකන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...