ගෝඨා තවත් බය වෙයි – ඇඳිරි නීතිය ගැන තවත් ගසට්ටුවක්

ඇඳිරිනීතිය සම්බන්ධයෙන් තවත් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඊට අනුව සඳුදා අලුයම 6 තෙක් කිසිදු පොදු ස්ථානයක අවසර නොලබා රැඳී සිටීම තහනම්වේ.

හෙට දිනයේ දිවයින පුරා ආණ්ඩුවට එරෙහිව විරෝධතා සංවිදානය කර තිබේ. එය බියවූ ජනාධිපතිවරයා ප්‍රථමයෙන් හිදිසි නීතිය ප්‍රකාශයට පත්කළ අතර පසුව අද සවස් කාලයේ සිට ඇඳිරි නීතිය පැනවීය.

ඉන් නොනැවතී තවත් ගැසට් නිවේදනයක් නිකුත් කරමින් ඇඳිරි නීතිය දැඩි කර තිබේ. සමාජ මාධ්‍ය හරහා අදහස් දක්වන ජනතාව පවසන්නේ මේ හරහා ජනතා බලය ඉදිරියේ ජනාධිපතිවරයා බියවී සිටින තරම පෙන්වන බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...