උසස්පෙළ සිසුන් දින 85 ක් මග හැරුණු පාඩම් දින 25 න් ඉවර කරන්නේ කොහොමද ? – සංජිව බණ්ඩාර

දින 85 ක් මග හැරුණු විෂය නිර්දේශය දින 25කින් ආවරණය කරන්නේ කේසේදැයි ඒකාබද්ධ ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් සංජීව බණ්ඩාර ප්‍රශ්න කර සිටියි. ඒකාබද්ධ ගුරු සේවා සංගමය විසින් අද (15) කොළඹ දී පවත්වන ලද මාධ්‍ය හමුවකට එක්වෙමින් එළඹෙන ජූලි 06වන දින පාසල් යළි ආරම්භ කිරීමෙන් පසු අපොස උසස් පෙළ විභාගය සැප්තැම්බර් 07 පැවැත්වීමට කටයුතු සැලසුම් කර තිබීම සහ පාසල් නැවත ඇරඹීමේදී මතුව ඇති ගැටලු කිහිපයක් ගැන සංජිව බණ්ඩාර අදහස් පළකරන ලදී.

මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට විෂය නිර්දේශ ආවරණය කිරීම සඳහා ලැබී තිබුණු කාලය ප්‍රමාණවත් නොවන බව සංජිව බණ්ඩාර පවසයි.

මාස 03 කට ආසන්න කාලයක් සමස්ත පාසල් පද්ධතිය වසා දැමීමත් සමඟ රජයේ හා සෙසු නිවාඩු දිනයන් හැරුනු විට පාසැල් පැවැත්විය හැකි සක්‍රීය දින 65 ක කාලයක් දරුවන්ට අහිමි වූ බවත් ඉකුත් වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය හේතුවෙන් ද දින 20 ක කාලයක් දැරුවන්ට අධ්‍යාපනය ලැබීමට අහිමිවූ අතර මේ වන විට එලෙස අහිමි වී ඇති කාලය දින 85 ක් ලෙස පෙන්වා දෙන ලදි.

එම කාලයට අදාලව ආවරණය විය යුතු විෂය නිර්දේශයන් නිසි ලෙස ආවරණය කර ගැනීමට නොහැකි තත්ත්වයක් තුල එළැඹෙන සැප්තැම්බර් මස 07 වන දින උසස් පෙළ විභාගය ආරම්භ කිරීමට රජය විසින් කටයුතු සුදානම් කිරීමෙන් දරුවන්ට මාස තුනකට ආසන්න කාලයක් මගහැරුනු විෂය නිර්දේශයන් ආවරණය කර ගැනීමේ අවස්ථාව ගිලිහෙන බව ඒකාබද්ධ ගුරුසේවා සංගමය පෙන්වා දෙන ලදි.

එසේම ප්‍රධාන ලේකම් සංජීව බණ්ඩාර අවදාරණය කර සිටියේ විභාගය පැවැත්වෙන ආකාරයත්, ප්‍රශ්ණපත්‍ර සැකසෙන ආකාරයේ සම්බන්ධයෙනුත් වහාම දරුවන් හා ගුරුවරුන් දැනුවත් කරන ලෙසත් ප්‍රශ්ණපත්‍ර සැකසීමේ දී සම්පූර්ණ විෂය නිර්දේශ ආවරණය වන ලෙස සැකසෙනවාද යන්න සම්බන්ධයෙන් හා එසේ නොමැතිව මගහැරුනු පාඩම් මග හැර මෙතෙක් ආවරණය කල පාඩම් තුලින් පමණක් ප්‍රශ්ණපත්‍ර සැකසෙනවාද යන්න සම්බන්ධයෙන් වහා දැනුවත් කරනා ලෙස සංගමයක් වශයෙන් රජයට යෝජනා කරනා බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

සරත්චන්ද්‍ර ගේ “බෝ දෑ නික්මෙති”

මේ කවියා සරත්චන්ද්‍රර වල්පොල නොහොත් බොහෝ සමීපතමයන්ගේ ආමන්ත්‍රණවාචී "සරා"...

මට කොහොමටවත් මතක නෑ මගේ එක මොකක්ද කියල .

Mauro Biani ඉතාලියේ ජනරජ පුවත්පත වෙනුවෙන් Mauro Biani විසින් ඇඳි කාටූනයක් 

රතු තිත් දහස් ගණනක් පිටුපස ඇති පෘථිවියේ ජීවමාන හෘදස්පන්දනය…

අපේ පෘථිවි ග්‍රහලෝකය කියන්නේ ඇතුළතින් නිතරම වෙනස් වන, නිරන්තරයෙන්...

22 සම්මතයි

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සහ අධිකරණ සංවිධාන සංශෝධන...