සත්ව උද්‍යානයේ ජිරාෆ් මරණය ඝාතනයක් – වෘත්තීය සමිතිවලින් චෝදනා

දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටි ජිරාෆ් ගැහැනු සත්ත්වයා පසුගිය බ්‍රහස්පතින්දා (07) මියගිය නමුත්, එම සත්ත්වයා සැබෑ ලෙසම මරාදැමූ බවට ශ්‍රී ලංකා පොදුජන සත්වෝද්‍යාන සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් චෝදනා කරයි.

ජනමාධ්‍ය අමතමින් ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් සඳහන් කළේ ජිරාෆ් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති සතකු ලෙස වර්ගීකරණය කර ඇති බවයි.

දෙහිවල සත්වෝද්‍යානයේ සිටින ජිරාෆ් සතුන් පිළිබඳ සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ විශේෂ අවධානය යොමුවී තිබූ බවත්, ඔවුන්ගේ සංරක්ෂණ ප්‍රයත්නයන් පිළිබඳ වැඩි අවධානය යොමුකෙරුණු බවත් ඔහු සඳහන් කරයි.

මෙම ජිරාෆ්ගේ මරණය ස්වාභාවික මරණයක් නොව, හානියක ප්‍රතිඵලයක් බවට ඔහු සෘජු ව චෝදනා කර සිටී.

මෙම සත්ත්වයාගේ මරණය දෙහිවල සත්වෝද්‍යානයට සැලකිය යුතු අපකීර්තියක් අත්කරදෙන බව ද ඔහු අවධාරණය කරයි.

දෙහිවල සත්ත්වෝද්‍යානයේ සිටින සුදුසුකම් නොමැති පශු වෛද්‍යවරයකු, සතුන්ගේ යහපැවැත්ම ආරක්ෂා කිරීම සඳහා වහාම ඉවත්කරන ලෙස බලකරමින් සංගමය අමාත්‍යාංශයට නොයෙක් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ද ඔහු වැඩිදුරටත් පවසයි.

Share post:

Popular

වෙනත් පුවත්

ජෛවමිතික දත්ත හැඳුනුම්පතට එරෙහිව අභියාචනාධිකරණයට පෙත්සමක්

මෙරට ජනතාවගේ ජෛවමිතික දත්ත ඉන්දීය ආයතනයකට ලබාදී ඩිජිටල් හැඳුනුම්පත්...

සටන් කරන බලවේග මර්දන පනත්වලට එරෙහිව එක්වෙද්දී OCA ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කතානායකට

සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය...

උද්ධමනය පාලනය වෙනුවට අනාවැකි කියන මහ බැංකුව

ලබන මාසය වනවිට මෙරට උද්ධමන අනුපාතය සියයට 9ක් හෝ...

යුද්ධයට සහ ජීවන වියදමට එරෙහිව අපි අනාගතය අප සතු කර ගනිමු! 

නොවැම්බර් 20 වන සිකුරාදා  ඉතාලිය පුරා පැය 24ක මහා...