ජනාධිපතිගේ පුටුවේ වාඩිවී ඡායාරූප ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පුටුවෙහි අසුන්ගත් තරුණයෙක් අත්අඩංගුවට ගැනීමට සමත්වූ බව පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ඒ අනුව සමන්පුරගම ප්‍රදේශයේ පදිංචි 28 හැවිරිදි මෙම පුද්ගලයාව දැරණියගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා පොලීසිය නිවේදනය කරනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාශය නිවේදනය කරන්නේ 2022 ජූලි 09 වනදා කොටුව ජනාධිපති මන්දිරයට අයුතු ලෙස ඇතුළු වූ මෙම පුද්ගලයා ජනාධිපතිතුමා අසුන් ගන්නා පුටුවේ වාඩිවී ඡායාරූප ගත් ‘අපරාධකරුවෙක්’ බවයි.

පාස්කු ප්‍රහාරය, මහ බැංකු මංකොල්ලය, සීනි බදු වංචාව, ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීම වැනි මේ රටට විශාල බලපෑමක් කළ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් අල්ලා ගැනීමට උනන්දුවක් නොදක්වන පොලීසිය ජනාධිපතිගේ පුටුවේ ඉඳගත් පුද්ගලයෙකු අපාධකරුවෙකු ලෙස නම් කර තිබේ.

Share post:

Popular

වෙනත් පුවත්

“පොතක් ගැන කතාබහක්”

Gnanasiri koththihoda විසින් රචිත " නව සම සමාජ පක්ෂයේ...

PSTA එකට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට වෘත්තිය සමිති පාරට

වෘත්තිය සමිති ඒකාබද්ධව අද කොටුව දුම්රියපොළ ඉදිරිපිට ජනතාව දැනුවත්...

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...