ඊශ්‍රායල ආගමික ස්ථානවලට පැය 24ම පොලිස් ආරක්ෂාව

මෙරට රැඳීසිටින ඊශ්‍රායල් ජාතිකයින් තම ආගමික කටයුතු, විවේක කටයුතු මෙන්ම ආහාර පාන ලබාගැනීම සඳහා ස්ථාපිත කර තිබෙන චබාද් මධ්‍යස්ථානවලට ආරක්ෂාව ලබාදීම සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පොලීසිය නිවේදනයක් නිකුත් කර තිබේ.

එහි දැක්වෙන්නේ පොලිස් වසම් කිහිපයක් තුළ ස්ථාපිත කර ඇති චබාද් මධ්‍යස්ථානවලට පවතින තර්ජනයන්ට සාපේක්ෂව අදාළ මේ වනවිට පැය 24 පුරාම ආවරණය වනපරිදි ආරක්ෂාව ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

තවද දිවයිනේ රැඳීසිටින කවර හෝ විදේශීය ජාතිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කිසියම් තර්ජනයක් පවතී නම් ඒ සම්බන්ධයෙන් තක්සේරු කොට අවශ්‍ය ආරක්ෂාව සැපයීමට ශ්‍රී ලංකා පොලීසිය කටයුතු කරන බවද සඳහන් වේ.

පලස්තීනය සම්බන්ධ ප්‍රශ්නයේදී ලංකාව ඊශ්‍රායලය සමඟ සබදතා පැවැත්වීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතියි. එමෙන්ම නීතිවිරෝධී ආකාරයෙන් ආගමික ස්ථාන පවත්වාගෙන යාමට අවසර දීම , දේපළ මිලදී ගැනීමට අවසර දීම සහ ඊශ්‍රායල සෙබළුන්ට ලංකාවට පැමිණීමට අවස්ථාව ලබාදීම සහ ලාංකික සේවකයන් ඊශ්‍රායලය වෙත යැවීමේ කොන්ත්‍රාත් ගතවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වෙමින් පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...