IMF එකට අවශ්‍ය මොකක්ද?

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF ) හැර විකල්පයක් නැතැයි කියන්නෝ එසේ කියන්නේ ඔවුන්ගේ පන්ති සහයෝගිතාව තුල IMF තොර විකල්ප වලට ඉඩක් නැති නිසයි. IMFට බාහිරව/ වෙනස්ව විකල්ප සෙවීමේදී ප්‍රාග්ධන හිමියන් හා ගැටීම අනිවාර්ය දෙයක්. බදු ප්‍රතිපත්තිය සකස් කිරීමේ සිට, නිෂ්පාදන ආර්ථිකය පරිවර්තනය කිරීම, පොදු සේවා/ පොදු සම්පත් කළමනාකරණය සහ ණය ප්‍රතිව්‍යුහගතකිරීම දක්වා ශ්‍රමය-ප්‍රාග්ධන සම්බධතාවය තුල ප්‍රමුඛතා යලි සකස් කිරීම අවශ්‍යය වෙනවා.

IMF මුලික වශයෙන් කරන්නේ ප්‍රාග්ධන හිමියන්ගේ ප්‍රමුඛතාවලට ඇති අනතුරු අවම කිරීම. ශ්‍රී ලංකාවට අවශ්‍යය ණය තිරසාර ඉලක්ක වෙත ලඟා වීමට IMF එකෙන් ඉඩක් ලැබෙන්නේ නැහැ. රාජ්‍යය ආදායමට සාපේක්ෂව තිරසාර විදේශ ණය පවත්වා ගෙන යාමට අවශ්‍යය ණය ප්‍රතිව්‍යුහගතකරණය තුල විශාල ණය කප්පාදු/ අහෝසි කිරීම අනිවාර්යය අංගයක්. ශ්‍රී ලංකාව වැනි සංවර්ධනය වන රාජ්‍යයක අවශ්‍යතාවය එය වුනත්, තමන්ගේ සේවා දායකයින්ට හානි කරන එවැනි ණය ප්‍රතිව්‍යුහගතකරණයක් සඳහා අනුග්‍රහය දැක්වීම IMF නොකරන්නේ ඒ නිසයි.

රාජ්‍යය වියදම් පියවා ගැනීමට විකල්ප බදු ප්‍රතිපත්තියක් ඇති කිරීමට IMF ඉඩ අහුරන්නෙත් ඒ නිසයි.

සංවර්ධන මුල්‍ය අවකාශ අවම කරමින් මුල්‍ය අවශ්‍යයතා සපුරා ගැනීම සඳහා මංකොල්ලකාරී ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ශ්‍රී ලංකාව වැනි රාජ්‍යයන් දක්කනෙත් ඒ නිසයි.

ණය උගුලෙන් බේරීමට අවශ්‍යය නිෂ්පාදන ආර්ථිකයේ පරිවර්තනය සඳහා ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීම වෙනුවට ප්‍රාග්ධනයේ අවශ්‍යතා සඳහා ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කිරීමට බලපෑම් කරන්නෙත් ඒ නිසයි.

Share post:

Popular

වෙනත් පුවත්

අනවසර ඉදිකිරීම් නීතිය – ලොක්කන්ට එක විදිහක් පොඩ්ඩන්ට තව විදිහක්ද?

මේ දිනවල ආණ්ඩුව විසින් ක්‍රියාත්මක අනවසර ඉදිකිරීම් ඉවත්කිරීමේ වැඩපිළිවෙල...

“මල් මල් බයිසිකලය” – ජීවිත සාරයට දරුවන්ට

දුව පුතගොඩ වෙන්නමේ මල් මල්බයිසිකලයට අමතක නොවනරවුමක් යමු අපි මේ ලහිරු...

පළාත් සභා තේරීම් කාරක සභාව විපක්ෂය වර්ජනය කරයි

අද (සැප්තැම්බර් 10) පැවති පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන්...

ඥාණසාර භික්ෂුවට මෛත්‍රී දුන් සමාව රිවස් කරයි

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් පූජ්‍ය ගලගොඩඅත්තේ...