පැලවත්තේ අන්තරය බාධාවකින් තොර බලහත්කාරයෙන් මල්වානේ ඉඩමේ තණකොළ කපයි.

අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ ලාංඡනය සහ නම අයථා ලෙස පරිහරණය කරන ජනතා විමුක්ති පෙරමුණ හා සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායමක් සුප්‍රසිද්ධ මල්වානේ ඉඩමට මැයි 14 වැනිදා බාධාවකින් තොර බලහත්කාරයෙන් ඇතුල්වී එහි රැඳී සිටිමින් විශ්වවිද්‍යාල තුල පවතින නේවාසික ප්‍රශ්නයට පිළිතුරු බලාපොරොත්තු වන බව පවසනවා.

එම ස්ථානයට යන්නට ප්‍රථම මෙම කණ්ඩායම ඒ සඳහා ප්‍රචාරක කටයුත්තක්ද පෙර දිනයේදී සිදු කරනු ලැබුවා. පූර්ව ප්‍රචාරක කටයුතු හේතුවෙන් සුප්‍රසිද්ධ මල්වානේ ඉඩමට ආරක්ෂාව සැපයීම වෙනුවෙන් පොලිසියේ කිහිප දෙනෙකුද යොදවා තිබුණා. කෙසේ වෙතත් පෙර ප්‍රචාරක කටයුතු සිදු කළා ආකාරයටම ආණ්ඩුවේ උවමනාව මත ක්‍රියාත්මක වෙන ව්‍යාජ අන්තරය පොලිස් සැහැල්ලු බාධා මැද තමන් බලහත්කාරයෙන්ම එම භූමිය අල්ලා ගත් බව අඟවන රංගනයකින් පසුව පොලිසිය සමඟම එම ස්ථානයට ගමන් කරනු ලැබුවා. ~පොලිස් බාධා මැද ආණ්ඩුවේ ව්‍යාජ අන්තරය එම භූමියට ඇතුල්වීමේ සිදුවීම සමාන වන්නේ සර්ව ජනයේ නායක මැයි පළමුවෙනිදා පාක්ෂිකයන් සීයක් විතර සිටි විශාල භූමිය මැදින් තෙරපීගන ඇවිත් වේදිකාවට නැගපු ආකාරයටයි.~

ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ “අන්තරයක්” පවතිනවා. මල්වානේ නිවස අත්පත් කරගත් අන්තරය ජවිපෙට සම්බන්ධ අන්තරය නොවන බව විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මාධ්‍යවේදී නැගූ පැනයකට පිළිතුරු ලෙස අද පවසනු ලැබුවා.
එම පිළිතුර සමඟ ඔවුන් දේශපාලනික වශයෙන් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ අන්තරයක් පවත්වාගෙන යන බව සෘජුවම පිළිගනු ලැබුවා.

එපමණක් ද නොව ඔහුගේ ප්‍රකාශය තුළින් ගම්‍ය වන අනිත් කරුණ නම් තමන් සමග සම්බන්ධව ක්‍රියාත්මක වන කණ්ඩායම් පිළිබඳව කිසිදු හැඟීමක් හැඳිනිමක් නැති බවයි.

විටින් විට ආණ්ඩුව විසින් නිර්මාණය කරන මෙවැනි පුවත් මතු කොට ජනතා සංවාදයේ තබාගත යුතු ප්‍රශ්න යට යමින් පවතිනවා දැයි අපට නම් සැක සිතෙයි.

මේ සම්පූර්ණ ක්‍රියාවලිය යළි නරඹන විට ඔවුන්ට ද ලැජ්ජා හිතෙනු ඇත.

Share post:

Popular

More like this
Related

22

රොබෑර්තෝ පියුමීණි සහ ළමා සාහිත්‍යය

රොබෑර්තෝ පියුමීණි උපත ලබන්නේ 1947 ඉතාලියේ බ්‍රෙෂියා ප්‍රදේශයේ එදොලෝ...

ලෝක අවම වේතන වාර්තාවතුල ලංකාව 120

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) දත්ත පදනම් කරගනිමින් Visual Capitalist...