සුළං බලාගාර එපා නම් වැයවුණු සල්ලි දෙන්න – අදානි ලංකාවෙන් ඉල්ලලා

අදානි සමාගම මෙරට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් එම සමාගම විසින් සිදුකළ මූලික වියදම් ආපසු ගෙවීමට බලකෙරී ඇති බව ඩේලි මිරර් පුවත්පත පවසයි.

ඉන්දියාවේ අදානි ග්‍රීන් එනර්ජි සමාගම යෝජිත සුළං බල ව්‍යාපෘති දෙකකින් ඉවත් වන බව ශ්‍රී ලංකා රජයට කලින් දැනුම් දී තිබුණි. ජාතික ජන බලවේගය (NPP) ප්‍රමුඛ නව රජය යටතේ පිරිවැය අඩු කිරීමට තීරණය කිරීමත් සමඟ මෙය සිදුවිය. අදානි සමඟ ව්‍යාපෘතිය ආරම්භ කළ පසුගිය රජය එකඟ වූ පිරිවැයට නව රජය එකඟ නොවීය. උතුරු පළාතේ මන්නාරම සහ පූනරින් නගරවල සුළං බලාගාර ව්‍යාපෘති දෙකක් අදානි සමාගම යටතේ ඉදිකිරීමට නියමිතව තිබූ අතර, එය ඩොලර් මිලියන 442 ක ආයෝජනයක් විය.

මෙම ව්‍යාපෘතිය 2025 වන විට ජාතික විදුලිබල පද්ධතියට අවම වශයෙන් මෙගාවොට් 350 ක් එකතු කිරීමට අපේක්ෂා කරන ලදී. ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති අධිකාරිය (SEA) සමඟ පර්යේෂණ සහ විමර්ශන සඳහා මුලින් කළ වියදම් ප්‍රතිපූරණය කරන ලෙස ඉල්ලා සමාගම් බලධාරීන් මෙම වසරේ මැයි මාසයේදී රජයේ බලධාරීන්ට ලිපියක් එවා තිබේ.

කෙසේ වෙතත්, අදානි සමාගම තවමත් මුදල නිශ්චිතව දක්වා නොමැති අතර, එය SEA වෙත ගෙවන ලද ඇමරිකානු ඩොලර් මිලියන 3 ඇතුළුව සියලු වියදම් ආවරණය වන පරිදි තක්සේරු කළ යුතුය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය තවමත් මුදල් ආපසු ගෙවීම සම්බන්ධයෙන් තීරණයක් ගෙන නොමැති බව වාර්තා වේ.

මෙය එකතරා ආකාරයකින් මෙම ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීම සාධාරණීය කිරීම සඳහා ගහන ලද ගැටයක් ද යන සැකයක්ද ඇති වේ.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...