පසුගිය ආණ්ඩුවල දූෂිත නිලධාරීන්ට නැවතත් රට නියෝජනයට අවස්ථාව

අමෙරිකා එක්සත් ජනපදයේ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිතයා ලෙස හිටපු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත චන්ද්‍රසිරි ජයසූරියගේ නාමයෝජනාවද උසස් නිලතල පිළිබඳ කාරක සභාව විසින් අනුමත කර තිබීම සම්බන්ධයෙන් කතා බහක් ඇතිව තිබේ.

2019 අප්‍රේල් සිට 2024 ඔක්තෝබර් දක්වා ශ්‍රී ලංකාවේ 47 වන අගවිනිසුරු ලෙස සේවය කරන්නේ ජයන්ත ජයසූරියයි. ඊට පෙර ඔහු ශ්‍රී ලංකාවේ 45 වන නීතිපතිවරයා ලෙස සේවය කර තිබේ. ඔහු නීතිපතිවරයා ලෙස සේවය කරන අතරතුර මෛත්‍රීපාල සිරිසේන විසින් අග්‍රාමාත්‍යවරයා නෙරපා හැරීමේ අනීතික තීන්දුව ආරක්ෂා කළ පුද්ගලයෙකි.

පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරන ලදී. ජයන්ත ජයසූරියව අගවිනිසුරු ධුරයට පත් කිරීමට පෙර ජනාධිපති සිරිසේනගේ ධුර කාලය දීර්ඝ කරන ලෙස මතභේදාත්මක ලෙස ඉල්ලා සිටින ලද අතර ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉල්ලීම ද ප්‍රතික්ෂේප කරන ලදී.

එසේම ජයන්ත ජයසූරියට එරෙහි තවත් චෝදනාවන් වන්නේ යහපාලන ආන්ඩුව සමයේ නීතිපති ලෙස මොහු ගොනුකළ ආන්දෝලනාත්මක නඩු සියල්ලේ චූදිතයන් නිදහස් වූ බවයි.

එසේම පසුගිය ආණ්ඩුවල ඉහළ තනතුරු දැරූ පුද්ගලයෙකුට මාලිමා ආණ්ඩුව විසින් ද නැවත තනතුරු ලබාදීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා චෝදනා එල්ල වෙමින් පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

සංවර්ධනය වෙමින් පවතී රට 

වාරිමාර්ග බලධාරීන් සහ එළුවන්කුලම එකමුතු ගොවි සමිතිය එකමුතුව එක්ව විල්පත්තුව...

“සටන් බිම තුළ කොටු කළ ස්ත්‍රිය” අනාවරණය කරන්නේ පිරිමි නිරුවතයි.

ධම්මිකාට මා කතා කළේ ඇගේ කෘතිය ඉල්ලා ගැනීමටය. මන්...

පොහොර වංචාවක් ගැන ගොවීන්ගෙන් ලාල්ට එරෙහිව පැමිණිල්ලක්

රුපියල් බිලියන 2 ක පොහොර වංචාවක් සිදුකර ඇති බවට...

ආණ්ඩුව මේ වන විට හතරවතාවක් ගොවියන් ව රැවටුවා – දුමින්ද නාගමුව

ගොවි ගැටලුවලට විසඳුම් විසඳුම් දෙන බව පවසා ආණ්ඩුව මේ...