මුඛ ආවරණ නැත්නම් මාස 06ක් හිරේ – නිරෝධායන නීති ඇතුළත් ගැසට් පත්‍රයට අත්සන් තබයි

නව නිරෝධායන නීති ඇතුලත් විශේෂ ගැසට් පත්‍රයට සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි අත්සන් තබා ඇති බව වාර්තා වේ. මේ යටතේ ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාවය තබා ගැනීම, මුව ආවරණ පැළැදීම වැනි ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම වැනි නව නිරෝධායන නීති මෙම ගැසට් පත්‍රයේ අන්තර්ගත බව ප්‍රවෘත්ති දෙපාර්තම්නේතුව නිකුත් කළ නිවේදනයක දැක්වේ. ගැසට් පත්‍රය අද මධ්‍යම රාත්‍රියේ නිකුත් වීමට නියමිතව තිබේ.

මෙම නව ගැසට් පත්‍රය නිකුත් කිරීමත් සමග නීති කඩ කරන පුද්ගලයින් හට රුපියල් 10,000 කට නොවැඩි දඩයකුත්, මාස 06 ක සිරදඬුවමකුත් යන දඬුවම් දෙකම හෝ එක් දඬුවමක් ලබාදීමට මින් ඉදිරියට අධිකරණයට හැකියාව ලැබේ.

මෙයට අමතරව ව්‍යාපාරික හා සේවා ස්ථාන වලට ඇතුලුවීම හා පවත්වාගෙන යාම පිළිබදව මෙම ගැසට් පත්‍රය මගින් පෙන්වා දී ඇති අතර,

v සේවා ස්ථානවලට සහ ව්‍යාපාරික ස්ථාන වලට ඇතුල්වන සෑම තැනැත්තකු ම සෑම අවස්ථාවක දී ම මුව ආවරණයක් පැළැද සිටීම.

v දෙදෙනෙකු අතර මීටර එකකට නොඅඩු සමාජ දුරස්ථභාවයක් පවත්වාගෙන යාම.

v සේවා ස්ථානයට ඇතුල්වීමට පෙරාතුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම.

v විෂබීජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීමේ පහසුකම් සැලැස්වීම.

v ඇතුල්වන සෑම තැනැත්තකුගේම නම, හැදුනුම්පත් අංකය සහ සම්බන්ධ කර ගත හැකි තොරතුරු පිළිබද විස්තර ඇතුළත් ලේඛණයක් පවත්වාගෙන යාම

v සේවා ස්ථාන වල උපරිම සේවා නියුක්තයන් සංඛ්‍යාව සහ වෙනත් තැනැත්තන් සංඛ්‍යාව ඉක්මවන සංඛ්‍යාවක් තබා නොගැනීමඒ අතර වේ.

එමෙන්ම සංචරණ සීමා, නිරෝධායන කටයුතු, ප්‍රවාහන කටයුතු වැනි විශේෂිත කරුණු වලට අදාල නීති තවදුරටත් ශක්තිමත් කිරීමට ද මෙම ගැසට් පත්‍රය මගින් කටයුතු යොදා ඇත.

Share post:

Popular

වෙනත් පුවත්

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...

රනිල්ගේ ආරක්ෂකයාට පහරදුන් චෝදනාවට කැමරා ශිල්පී අත්අඩංගුවට

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ආරක්ෂක නිලධාරියෙකුට සිය වීඩියෝ කැමරාවෙන්...

ගෝඨා PTA එක යටතේ අත්අඩංගුවට නොගන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය...