Breaking News

දැරියක් අපයෝජනය කිරීමේ සිදුවීම – වගකිවයුතු රාජ්‍ය ආයතන සියල්ල කර අරින තත්ත්වයක

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් අද (මැයි 14) පෙරවරුවේ කොළඹ ජාතික රෝහල වෙත මාරු කර යවා තිබේ. එම හිමියන් අත්අඩංගුවට පත්වූ දින සිට නව ලෝක රෝහලේ රැඳී සිටි අතට අවස්ථා දෙකකදී කොළඹ ජාතික රෝහලට හෝ බන්ධනාගාර රෝහලට මාරු කරන ලෙස අධිකරණය දැනුම්දී තිබුනද එය ක්‍රියාත්මක නොවුනි.

මෙම නඩුකරය බදාදා (මැයි 13) මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන් මැයි 22 වන දා දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබුණි.

මේ අතර විවිධ පාර්ශවයන් චෝදනා කරන්නේ අනුරාධපුර අධිකරණයේ මේ සම්බන්ධ පවතින නඩුව විභාගයට ගත් අවස්ථාවේ කිසිදු නීතිඥයෙකු වින්දිත දැරිය වෙනුවෙන් පෙනී නොසිටි බවයි. එසේම මෙම සිදුවීම සම්බන්ධ නඩු විභාගයෙන් ළමා රක්ෂණ අධිකාරිය ඉවත්වීමේ සුදනමක් ඇති බවද

මේ අතර පල්ලේගම හේමරතන අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගැනීමට පෙර ඒ සම්බන්ධයෙන් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහනායක පූජ්‍ය තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල හිමි දැනුවත් කර ඇතැයි වාර්තා වේ.

මහනුවර මල්වතු විහාරයට පොලිස්පති ප්‍රිියන්ත වීරසූරිය පෞද්ගලිකවම පැමිණ මල්වතු පාර්ශවයේ මහනායක හිමි හමුවී අනුරාධපුර අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන අත්අඩංගුවට ගැනීමට සිදුවන බව දැනුම් දී තිබේ.

පොලිස්පතිවරයා මල්වතු පාර්ශවයේ මහනායක හිමි හමුවීමට ආ මෙම අවස්ථාව ආවරණය කිරීම සඳහා මාධ්‍යයට අවසර ලබාදී තිබී නැති බව ද වැඩිදුරටත් වාර්තා වේ.

මල්වතු පාර්ශවයේ මහනායක තිබ්බටුවාවේ සිද්ධාර්ථ සුමංගල හිමි ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සමීපමයකු ලෙස සැලකෙන අතර පසුගිය ජනාධිපතිවරණයේදී අනුර කුමාර දිසානායකගේ ජයග්‍රහනය වෙනුවෙන් නිල නොවන සහායෝගයද දක්වා තිබුණි.

leave a reply