කොළඹ ආණ්ඩුකාරය ධූරයෙන් ඉල්ලා අස්වී ආයෝජන ගැන වගකීම දරනවලු

ආණ්ඩුකාරවරයකු ලෙස රාජ්‍ය තන්ත්‍රික වගකීම් ඉටු කිරීම, විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතවරයා ලෙස පැවරී ඇති අතිරේක වගකීම් ඉටුකිරීම යන දෙකම එකවර දැරීම අපහසු බවත් එබැවින් ආණ්ඩුකාරධුරයෙන් ඉවත්ව විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝජිතවරයා ලෙස වගකීම ඉටුකිරීම උදෙසා සිය කැමැත්ත ජනාධිපතිවරයා වෙත දැනුම් දුන් බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසූෆ් පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ ජනාධිපතිවරයා විසින් සුදුසු අනුප්‍රාප්තිකයෙකු පත්කරන තෙක් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරන බවයි.

විදේශීය ඍජු ආයෝජන ආකර්ෂණය කර ගැනීමට සහ ශ්‍රී ලංකාවේ ජාතික සංවර්ධනයට දායක වීම සඳහා සිය ජාත්‍යන්තර සබඳතා සහ ජාලයන් උපයෝගී කර ගනිමින්, විදේශීය ඍජු ආයෝජන පිළිබඳ ජනාධිපති විශේෂ නියෝජිතවරයා ලෙස දැනට දරන ස්වේච්ඡා තනතුරේ හිඳ කටයුතු කිරීම සිය අරමුණ බවද හෙතෙම පවසයි.

හනීෆ් යූසූෆ් ආණ්ඩුකාරවරයා ලෙස සිදුකළ කිසිදු වැඩක් නම් ජනතාවට මතක නැත. ඒ වෙනුවට ඔහුට විරුද්ධව එල්ල වූ චෝදනාවක් වන්නේ ආණ්ඩු බලය පාවිච්චි කරමින් ඔහුගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කරන බවයි. විශේෂයෙන් ලංකාවේ පොල් දේශීය පරිභෝජනයට ප්‍රමාණවත් පරිදි නොතබා ඒවා අපනයනය කරන සමාගම සම්බන්ධයෙන් කොළඹ ආණ්ඩුකාරවරයාට චෝදනා නැගුණි. එසේම මෙපමණ කාලයකට රටට ගෙන එන ලද ඍජු විදෙස් ආයෝජන ගැන මොනවද යන්න ගැනද ප්‍රශ්නයක් පවතියි.

Share post:

Popular

වෙනත් පුවත්

අපව නිදහස් කර ගැනීමට සහ “වහලුන් නිදහස් කර ගැනීමට”

දුෂ්කර දේ කිරීමට ඉගෙන ගන්න දුෂ්කර වුව අසීරු දේ කරන්නබිහිරන්...

හොරොව්පතාන එළිමහන් අලි සිර කඳවුරට තවත් අලි ඇතුන් බිලි නොදෙනු!

පාර්ලි‌මේන්තු බහුතරයෙන් හස්ති චර්යා වෙනස්කළ නොහැක ශ්‍රී ලංකාවේ අලි-මිනිස් ගැටුම...

රනිල්ලා එකතු වෙන්නේ ජනතාවට අමාරු නිසාලු!

ජාතික ජන බලවේගය හැර සියලු පක්ෂ පොදු රාමුවක් යටතේ...

2013න් පාඩම් ඉගෙන ගෙන අනොජන් වෙනුවෙන් වගවෙමු!

සෞදි අරාබියේ අධිකරණ ක්‍රියාවලියකට මුහුණ දී සිටින ශ්‍රී ලාංකික...