කාන්තා කටයුතු ඇමතිවරිය මුඛ බන්ධනය බිඳියි

බරපතළ ලිංගික දූෂණයකට ලක් වුණ දැරිය සම්බන්ධයෙන් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රී පෝල්රාජ්ගේ විශේෂ ප්‍රකාශය බැලුවා. ඇය පුනපුනා කියන්නෙ දැරියගෙ සහ වින්දිත පාර්ශ්වයේ තොරතුරු හෙළිකරන්නෑ කියලා. හැබැයි කිසිම කෙනෙක් අපි නම් දැක්කෙ නෑ ඒ තොරතුරු ඉල්ලුව බවක්.

විවේචනය කළ බොහෝ දෙනා මතු කළේ යුක්තිය ඉෂ්ඨ වෙනවා පේන්න නෑ කියන එක. අපි දැක්කා අදාළ සැකකරු අත්අඩංගුවට ගන්න පොලිසිය නටපු නාඩගම. ඒ වගෙ ම ඒ අත්අඩංගුවට පෙර පොලිස්පතිවරයා ගිහින් සැකකරුගෙ මහතැන් දැනුවත් කළ බවට පළ වුණ ප්‍රවෘත්ති. ඒ විතරක් නෙවෙයි සැකකරු ජාතික රෝහලට යවන්න මහේස්ත්‍රාත්වරයාට දෙපාරක් නවලෝකෙ පැදකුණු කරන්න වුණ හැටි.

කොළඹ කොටුව අංක 08 මහේස්ත්‍රාත් අධිකරණ නියෝගෙ අනුරාධපුරේ නොගිය හැටි.. සැකකරුට ඇප ලබාගන්න පහසු වෙන්න විමර්ශන අවසන් කියලා පොලිසිය කිව්ව හැටි..

ඕවා තමයි නෝනෙ මිනිස්සු ප්‍රශ්න කළේ.
නීතිය නැවුණ තැන් බොහොමයි.
ළමාරක්ෂක අධිකාරිය – රජය තමා නඩුව දැම්මෙ. ඔව්.. ඒ වගෙම රජයෙ ආයතනයක් වෙන පොලිසියම තමා ඔය පෙර කිව්ව නාඩගමුත් නැටුවෙ.

තමන්ව පොල්පිත්තකට දාලා පෝස්ට් වැටෙද්දි, උද්ඝෝෂණ සංවිධාන වෙද්දි මුඛ බන්ධන බිඳගෙන ප්‍රෙස් තිබ්බට දොරේ සද්දෙයි බෙරේ සද්දෙයි දෙකම අපි දන්නවා.
හැමදාම වගෙ මේ ආණ්ඩුව දේවල් ගැන පියවර ගන්නෙ හත්පොළේ ගාගෙන, ඇති වෙන්න නාලා අන්තිම මොහොතෙ කියලා කවුරුත් දැන් දන්නවා.

ඒ හින්දා ඔය බයිලා ගිහින් කියන්න කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට!

Sandun Priyankara Vithanage 

Share post:

Popular

වෙනත් පුවත්

අනෝජන් සිවරාසා වෙනුවෙන් අභියාචනයක්

ලාංකික ශ්‍රමිකයෙකු වන අනෝජන් සිවරාසාට පනවා ඇති මරණ දඬුවම...

ශිරන්තිට ඇප නෑ – මහින්ද රෝහලට

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට...

ජීවිතය හරි ලස්සනයි .ඒක මට දැනූණෙ පුංචිම කාලේ ඉඳලා.

බහතේරෙන වයසෙ ඉඳන් ම මං කැමැතියි නව දේවල් ගැන...