Breaking News

පැලවත්තේ අන්තරේ මල්වානට කඩා පැන්නේ අග්‍රාමාත්‍යවරියගේ පො.ම අධ්‍යාපන  සමුළුවේ කතාවට සහයක් ලෙසද?  

මැයි 18 වැනිදා   අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය 22 වැනි වාර්ෂික පොදුරාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපන සමුළුව (22nd Annual Commonwealth Education Forum) සහ 2026 පොදුරාජ්‍ය මණ්ඩලයීය විවෘත ඉගෙනුම් ආයතනයේ (COL) පාලක මණ්ඩල රැස්වීමට සහභාගී වීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එක්සත් රාජධානිය බලා  පිටත්ව ගියා.

මෙම පිටත්ව යාමට ප්‍රථම අග්‍රාමාත්‍ය හරි අමරසූරිය හරි අපූරු වැඩක් කළා . කිසිදු බාධා කිරීමකින් තොරව දොම්පේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය භාරයේ පවතින  සුප්‍රසිද්ධ මල්වාන ප්‍රදේශයේ පිහිටි ඉඩම සහ නිවස අත්පත් කරගෙන සිටි  ජනතා විමුක්ති පෙරමුණේ (අන්තරය) ශිෂ්‍ය කණ්ඩායම සමඟ සාකච්ඡා කොට  ඔවුන් ඉල්ලා සිටින පරිදි එම භූමිය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව වෙත පැවරීමට අගමැති ආචාර්ය හරිනි අමරසූරිය එකඟ වූ බව  එම පාර්ශවය අද මාධ්‍ය වෙත පවසා සිටියා . එමෙන්ම එම එකඟතාවය පදනම් කොටගෙන දින කීපයක් රැඳී සිටි මෙම ශිෂ්‍ය කණ්ඩායම එතනින් ඉවත්ව යෑමටද එකඟතාවය පළකොට තිබුණා .

මෙම ශිෂ්‍ය කණ්ඩායම එම භූමියට පැමිණීම අත්පත් කර ගැනීම , එම ක්‍රියාවලිය තුළ ශ්‍රී ලංකා පොලිසිය බොහොම සෞම්‍ය පිළිවෙතක් අනුගමනය කිරීම සහ ශිෂ්‍ය කණ්ඩායමේ ඉල්ලීමට නම්‍යශීලී ලෙස අවධානය යොමු කොට  ඉල්ලීම් ලබාදීමට එකඟතාවය පළ කිරීම  එකම පිටපතක ක්‍රියාදාම පෙළක් ලෙස උදේ අගමැතිනියගේ තීරණය සමඟ යළි තහවුරු වුණා. 

ඉන්  අනතුරුව ඇය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත්ව ගියේ මේ කතාවේ කූට ප්‍රාප්තියේ සඳහා දැයි සැකයක් මතුවෙනවා . එය හරියටම අග්‍රාමාත්‍ය වරිය පොදුරාජ්‍ය මණ්ඩලයීය අධ්‍යාපන සමුළුව අමතමින් කරන කතාව අවසානයේ තීරණය කරගත හැකි .

මේ සිදුවීම උදාහරණයට ගෙන අපි  විශ්වවිද්‍යාල ශිෂ්‍යයන්ගේ ගැටලුවලට සවන් දෙනවා පමණක් නොව ඒවාට විසඳුම් සපයන්නත් කටයුතු කරන බව එහිදී ප්‍රකාශ කළොත් පුදුම විය යුතු නොවේ .

හදිසියේම පැලවත්තේ අන්තරය මල්වානට කඩා පැන්නේ මේ කූඨප්‍රාප්තිය සඳහා දැයි අනුමාන කිරීමේ කිසිදු වරදක් නැත .

leave a reply