සරෝජාට දරුවන්ගේ ආරක්ෂාව තහවුරු කරන විදිහ ගැන දිල්ලි පොලීසියෙන් උපදෙස්

15 හැවිරිදි බාලවයස්කාර දැරියක බරපතළ ලිංගික හිංසනයකට ලක් කිරීමේ සිද්ධියට අදාළ චූදිත භික්ෂුව සම්බන්ධ වගකිවයුතු රාජ්‍ය ආයතනවල හැසිරීම සම්බන්ධව බරපතල චෝදනා එල්ල වෙමින් තිබේ.

මේ අතර ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස් කාර්යාලය වාර්තා කර තිබෙන්නේ ලංකාවේ පාරිලිමේන්තු මන්ත්‍රීවරියන් පිරිසක් ඉන්දියාවේ මැති ඇමතිවරුන් හමුවී ඒ රටේ උපදෙස් බෙදාගත් බවයි.

එහිදී විශේෂයෙන් ලංකාවේ කාන්තා හා ළමා කටයුතු ඇමතිනී සරෝජා පෝල්රාජ් ඉන්දියාවේ කාන්තා කටයුතු ඇමතිවරිය හමුවී දරුවන්ගේ යහපැවැත්ම, පෝෂණය, කාන්ත සංවර්ධනය ගැන දැනුවත් කළ බව මහකොමසාරිස් කාර්යාලය පවසයි.

ඊට අමතරව දිල්ලි පොලිසීය විසින් කාන්තාවන්ගේ සහ දරුවන්ගේ ආරක්ෂාව සහතික කිරීම සහ ඒ ආශ්‍රිත අපරාධ මැඩපැවැත්වීම සඳහා වන මුලපිරීම් පිළිබඳව දිල්ලි පොලිසිය විසින් සරෝජා පෝල්රාජ් ඇමතිවරිය දැනුවත් කරන ලද බව සඳහන් වේ.

ඒ අනුව මින් පසුවවත් දරුවන්ගේ ආරක්ෂාව කෙසේවෙතත් වින්දිත දරුවන් වෙනුවෙන් හෝ කාන්තා කටයුතු ඇමතිවරිය මැදිහත්වෙනු ඇතැයි අපේක්ෂා කරමු.

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...