ඉතාලියේ ලියාපතිංචි නොකළ  විදුලි ස්කුටර් වලට හෙට සිට යුරෝ 400 ක දඩයක් 

ප්‍රවාහන පහසුකම් සලසා ගැනීම වෙනුවෙන් ඉතාලිය තුළ විදුලි ස්කූටර් (Monopattini) භාවිතා කරන සියලුම දෙනා මැයි මාසෙ 16 වන දා වන විට ලියාපදිංචි බලපත් තහඩුව සහිතව මහමග ගමන් කළ යුතු බවට පනවා තිබෙන නීතිය  බලාත්මක වෙනවා.  හෙට සිට ලියාපදිංචි අංකය නොමැතිව මහ මග ධාවනය කෙරෙන සියලුම විදුලි ස්කූටර් හිමිකරුවන් වෙත යුරෝ 100 සිට 400 දක්වා වූ පරාසයක් තුළ  දඩ නියම කිරීමට  රථ වාහන පොලීසියට නීතිමය බලතල ලැබෙනවා .

කෙසේ වෙතත් විශාල පිරිසක් බලපත් සඳහා ඉල්ලුම්  කිරීම හේතුවෙන් අංක තහඩුව කලින් ඉල්ලුම් කළ අයට පවා තවම ලැබී නැති තත්ත්වයක් තුළ හෙට දිනයේ සිට මෙම නීතිය සියයට සීයක් ක්‍රියාත්මක කිරීමට හැකියාව ඇත්ද නැද්ද කියන එක පිළිබඳව තවමත් ඉතාලියේ ප්‍රවාහන අමාත්‍යාංශය දැනුම් දී නැහැ.  

මෙම ලියාපදිංචි අංක තහඩුව ලබාගැනීම සඳහා යුරෝ 35  සිට 80 දක්වා වූ මුදලක්  වැයවෙන අතර එය තීරණය වන්නේ ලියාපදිංචි තහඩුව තමන් ඉල්ලුම් කරන ආකාරය අනුවයි. තමන් විසින්ම ලියාපදිංචි අංක තහඩුව ඉල්ලුම් කරන්නේ නම් ඔහුට වැය වන්නේ ‍ප්‍රවාහන අමාත්‍යාංශයට ගෙවීමට නියමිත මුදල පමණයි. එසේ නොමැති නම් ඒජන්සියක් හරහා මෙය ඉල්ලුම් කරන්නේ නම් ඔවුන්ගේ ගාස්තුව සමග අවම වශයෙන් යුරෝ අසූවක් වැය කළ යුතුයි.

හෙටන් පසු ඉතාලිය තුළ විදුලි ඉස්කෝටර් භාවිතා කරන්නන් ආරක්ෂක හිස් වැස්ම, ලියාපදිංචි තහඩුව සහ සැප්තැම්බර් මාසය වන විට  වලංගු රක්ෂණ සහතිකය සහිත විය යුතුය. 

Share post:

Popular

වෙනත් පුවත්

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...

ආණ්ඩුව ඉටුකළේ තෙල් බෙදාහරින සමාගම්වල ඉල්ලීමද?

ඉන්ධන සහනාධාරයක් ලබාදෙන බව පවසමින් ආණ්ඩුව තෙල් මිල ඉහළ...

බදුබර දරන්න බැහැ, දොස්තරලා 2500ක් රටින් ගිහින් – GMOA

අධික බදු බර හේතුවෙන් රටට නිපුණ වෘත්තිකයන් අඛණ්ඩව අහිමි...