සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ ඖෂධ සමාගමක ඒජන්තයෙක්. 

ඖෂධ සමාගමක හිටපු ඒජන්තවරයෙකු වන රමේෂ් පතිරණ වර්තමාන සෞඛ්‍ය ඇමති බවට පත්වී මනුෂ්‍ය ජීවිත බිල්ලට තියමින් සියලු දෙනාගේම අවධානය මැතිවරණයට යොමු වී තිබෙන මොහොතක ඖෂධ මගඩියක් සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත් ආකාරය අගෝස්තු 28 වනදා මාධ්‍ය හමුවේදී පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ හෙළිදරව් කරනු ලැබුවා.
මෙම කැබිනට් අනුමැතිය හරහා සිදුවීමට නියමිතව තිබෙන්නේ ඉන්දියානු රජය නිර්දේශ කරන සමාගමක්  යටතේ ලංකාවට ඖෂධ ලබා ගැනීමේ සැලසුමක්. මෙම මාධ්‍ය හමුවේදී හෙළිදරවූ කරුණු වලට අනුව මෙසේ අනුමැතිය ලබාදීමට යන සමාගම ලෝකය හඳුනන්නැති ඖෂධ පිළිබඳ කිසිදු දැනුමක් සහ අත්දැකීමක් නොමැති සමාගමකි. එම සමාගම පිළිබඳව හෙළි හෙළිදරව් කරගෙන ඇති කරුණුවලට අනුව පැහැදිලි වන්නේ ඔවුන් උපත් පාලන කොපු සහ කාන්තා සනීපාරක්ෂක ද්‍රව්‍ය නිෂ්පාදනය කරන සමාගමක් බවයි.

Share post:

Popular

වෙනත් පුවත්

ආර්ථිකය හොඳයි කිව්වට දරිද්‍රතාවය දෙගුණ වෙලා – ලෝක බැංකුව

ශ්‍රී ලංකා ආර්ථිකය සැලකිය යුතු සන්ධිස්ථානයක් ස්පර්ශ කරමින් අර්බුදයට...

‘නිර්ප්‍රභූ’ ආණ්ඩුව ප්‍රභූ අධිපත්‍යට ඉඩදෙන අලුත් විදිහක් ගැන පුබුදු කියයි

මේ ආණ්ඩුව නිර්ප්‍රභූ බව පැවසුවද පුනර්ජනනීය විදුලි බල ජනනයෙන්...

ලෝක තෙල් මිල සමඟ ලංකාවේ තෙල් මිල සසඳන්න – IMF එකෙන් ඉල්ලීමක්

දේශීය ඉන්ධන මිල ගණන් ජාත්‍යන්තර මිල ගණන් අනුව වෙනස්...

දැන් චෝදනා අයුතු ජනරාශිය, පස්සේ ත්‍රස්ථවාදයද?

ආණ්ඩුව පසුගියදා ජන අරගල ව්‍යාපාරයේ විරෝධතාවයෙන් අනතුරුව එම ව්‍යාපාරයේ...