දැනට පවතින යුධමය තත්ත්වය හේතුවෙන් තෙල් අර්බුදයක් ඇතිවිය හැකිද යන්න ගැන සියලු දෙනාගේම අවධානය යොමුව තිබේ.
‘ඉන්ධන සංචිත ප්‍රවේශම් කර ගැනීමේ අරමුණින්’ පසුගිය රජය සමයේ හඳුන්වා දුන් QR ක්‍රමය මාර්තු 15 සිට නැවතත් ක්‍රියාවට නැංවීමට බලශක්ති අමාත්‍යංශය පියවර ගෙන තිබේ. එසේම මේ වනවිට බදාදා දිනය රජයේ කාර්යාල, පාසල් සහ විශ්ව විද්‍යාල සඳහා නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර ඇති පරිදි, බස් රථ සඳහා ලීටර් 60ක්, යතුරු පැදි සඳහා ලීටර් 05ක්, වෑන් රථ සඳහා ලීටර් 40ක් සහ මෝටර් රථවලට ලීටර් 15ක් ලෙස QR ක්‍රමය හරහා සතියකට ඉන්ධන ලබා ගැනීමට හැකි ය.
ඊට අමතරව මෝටර් ලොරි සඳහා ලීටර් 200ක්, ඉඩම් වාහනවලට ලීටර් 25ක්, මෝටර් ත්‍රිරෝද රථවලට ලීටර් 15ක්, විශේෂ කාර්ය වාහන සඳහා ලීටර් 40ක් සහ ක්වොඩ්‍රිසයිකල් සඳහා ලීටර් 05ක් ලෙස සතියක කාලයකට ඉන්ධන ලබා ගැනීමට කටයුතු සලසා තිබේ.
ගොවින්හට ඉන්ධන නිකුත් කිරීම සම්බන්ඳයෙන් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් තීරණයක් තීරණයක් ලබා දී ඇත.
එහිදී අක්කරයක අස්වනු නෙලීම සඳහා ගොවීන්ට ඉන්ධන ලීටර් 15 ක් ලබා දීමටත් සීසෑමේ කටයුතු සඳහා ලීටර් 20 ක් කටයුතු කරන බවයි එහි කොමසාරිස්වරයා සඳහන් කර ඇත.
එමෙන්ම QR ක්‍රමවේදය මෙම ඉන්ධන ලබාගැනීම සඳහා අවශ්‍ය නොවන බව සඳහන් වේ.
මෙහි අරමුණ වී ඇත්තේ ඉන්ධන පරිභෝජනය අවම කිරීමයි. නමුත් මේ හරහා ගැටළු ගණනවක් මතුව තිබේ. විශේෂයෙන් කුලී රථ රියදුරන් අර්බුදයකට මුහුණ දී සිටියි. ඔවුන් පවසන්නේ මෙම ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නොවන බවයි.
ඔවුන්ට තමන්ගේ ජීවිකාව ගෙනයාම අවහිරවී තිබියදී දැනටමත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය නිවේදනය කර ඇත්තේ තමන්ට ලැබෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නැති බවයි .
මේ ආකාරයට සුඛෝපභෝගී රථ පාවිච්චි කරන රටේ සුළු පිරිසෙන මෙවැනි මැසිවිලි නැගීමේ වැඩි ඉඩකඩක් පවතියි. නමුත් මේ මොහොතේ අවශ්‍ය වන්නේ ප්‍රමුඛතා හඳුනාගෙන ඒ සඳහා වැඩපිළිවෙලක් යෙදීමයි.
විශේෂයෙන් කුලී රථ රියදුරන් වැනි පෞද්ගලික කුඩා වාහනයක් යොදාගෙන ජීවිකාව ගෙනයන ජනතාව, පොදු ප්‍රවාහන සේවා, අත්‍යවශ්‍ය සේවා, කෘෂිකාර්මික සේවාවලට රජය ප්‍රමුඛතවය් ලබාදීම අත්‍යවශ්‍ය වේ.
මෙය පමණක් ප්‍රමාණවත් නොවන අතර අධික තෙල් පරිභෝජනය කරන වාහන පාවිච්චිය සීමා කිරීම සඳහාද වැඩපිළිවෙලක් අත්‍යවශ්‍ය වේ. එසේම සුඛෝපබෝගී රථ කිහිපයක් පවතින පුද්ගලයන්ට එක් වාහනයක් හෝ සඳහා පමණක් තෙල් ලබාදීම වැනි ක්‍රමවේද හඳුන්වා දිය හැක.
නැතිනම් මේ හරහා රටේ දුප්පත් ජනතාව පමණක් අර්බුදයේ බර දැරීමට සිදුවෙනු ඇත.






