ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල නව එකඟතා ගැන ආණ්ඩුවේ බොරුව පුබුදු හෙළිකරයි

විදේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාල නව එකඟතා පිළිබඳ ආණ්ඩුව ව්‍යාජ කරුණු ප්‍රචාරය කිරීම ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය ලෙස අද මාධ්‍ය හමුවක් පවත්වමින් කරුණු දැක්වීය.

එහිදී අදහස් දැක්වූ එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පැවසුවේ,

”ප්‍රවෘත්ති හරහා ලොකු වැරදි ප්‍රචාර යනවා. ඊයේ රෑ මාධ්‍යවල කිව්වේ ලංකාවේ සමස්ත ණයවලින් 40.03ක් ප්‍රතිවියුහගතකරන්න වෙලා. ඩොලර් බිලියන 3ක පමණ ඉතිරියක් සිද්ධ වෙලා. හරියට හෙයාර් කට් එකක් ඒ කියන්නේ ණය කප්පාදුවක් ගත්තා වගේ කියන්නේ. ඒවා මොකක්වත් වෙලා නැහැ. මේ 40.3 කතාවත් ලොකු වංචාවක්. මුදල් හා ආර්ථික ස්ථායිකරණ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය මේ විදිහේ ව්‍යාජ නිවේදන නිකුත් කිරීම තේරුම් ගන්නේ කොහොමද?

මේකෙ වෙලා තියෙන්නේ ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරවලින් ගත්ත ණය ඩොලර් බිලියන 9.05 යි, චීන සංවර්ධන බැංකුවෙන් ගත්ත ඩොලර් බිලියන 2.5යි , චීන එක්සිම් බැංකුවෙන් ගත්ත ඩොලර් බිලියන 2.4යි, ණය කමිටුවෙන් ගත්ත ඩොලර් බිලියන 2.9යි මේ කියන ප්ලෑන් එකට අයිතියි. ණයවලින් 40.03ක් කැපිලා නෙමෙයි. මේ අලුත් සැලසුමට අයිතියි ඩොලර් බිලියන 17.03ක්. සමස්ථ විදෙස් ණය තියෙන්නේ ඩො.බි. 37.5යි කියලා සැලකුවම ඒකෙන් සියයට 40.03ක්. ඒ කියන්නේ සියයට 40.03ට සැලසුමක් හදලා ඉතිරි සියයට 60ට සැලසුමක් නැහැ. සියයට 40ට හදපු සැලසුම නිසාත් අපි තව අමාරුවේ වැටෙනවා.

දැන් කියනවා ලංකාවේ රජයයි බැඳුම්කර හිමියොයි සාකච්ඡා කරාලු. කවුද මේ ගැන සාකච්ඡා කරලා තියෙන්නේ කියලා බැලුවම කලින් අපේ මුදල් වංචා කරලා පිස්සුවක් කරපු clifford chance , ලසාඩ් වගේ සමාගම්. එතකොට ලංකාව නියෝජනය කරනවා කියලා ඇමරිකා සහ යුරෝපා සමාගම් ටිකක් වාඩිවෙලා තියෙනවා. ණය හිමියන් නියෝජනය කරනවා කියලත් ඇමරිකානු සහ යුරෝපා සමාගම් ටිකක් වාඩිවෙලා තියෙනවා. මේ සමාගම් ටික ලංකාවේ ජනතාවගේ අනාගතය ගැන තීරණයක් අරගෙන තියෙනවා. ඒ තීරණය අන්තිම අවාසිසහගත තීරණයක්. ”

Share post:

Popular

වෙනත් පුවත්

යුරෝපයේ අරගල රැල්ලේ ඉතාලි තරුණ බලවේගය

ඔක්තෝබර් 17 වන සෙනසුරාදා මිලානෝ ,බොලොංඥා ,රෝමා ,තොරිනෝ ,ජෙනෝවා...

ඔක්තෝබර් 30 ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් 

ඔක්තෝබර් 30වන දා ඉතාලියේ දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් පැවැත්...

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් – තවමත් ජනතාව අවදානම් කලාපවල

මීරියබැද්ද ඛේදවාචකයට වසර 12ක් ගතවී ඇතත් තවමත් එම ප්‍රදේශයේ...

කම්කරු නීති සංශෝධනය ළඟ ළගම එනවලු

වර්තමානයට ගැළපෙන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට කාලය පැමිණ...