හර්ෂ සජිත් ගැටුම උග්‍රයි

Date:

මම ඉන්නේ ආණ්ඩුව එක්ක නෙමෙයි. මම ආණ්ඩුව එක්ක ඩීල් දාන පුද්ගලයෙක් නෙමෙයි . මම ඉන්නේ ගොවි ජනතාවගේ පැත්තේ. ආණ්ඩුව කරන්නේ මම ගොවි ජනතාවගේ ප්‍රශ්න කතා කරද්දි මයික් එක වහන එක.

තරු හතේ හෝටල්වල ටයිකෝඩ් දාගෙන ප්‍රභූවරු සාකච්ඡා කරද්දී මම ඉන්නේ ගොවි ජනතාව සමඟ.තව සමහර කණ්ඩායමක් ඉන්නවා දවල් කාලෙට ඔබ වෙනුවෙන් කතා කරනවා. රෑට ගිහිල්ලා හොර රහසේ IMF එකත් එක්ක කතා කරලා “ආ ඔයාලා කරගෙන යන දේ හොඳයි” කියලා කියනවා.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මේ අදහස් ප්‍රකාශ කළේ මැයි 15 වන දා බුත්තල ප්‍රදේශයේ ගොවි ජනතාව හමු වූ අවස්ථාවේ දීය.

සජිත් ප්‍රේමදාස එසේ පවසන විට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා ඇමරිකාවේ සංචාරයක් සඳහා ගොස් සිටින අතර එහිදී ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකු නියෝජිතයන් පිරිසක් හමුවී සාකච්ඡා කර තියනවා.

හර්ෂ ද සිල්වා ආණ්ඩුව සමඟ එක්වීමට සූදානමක් පවතින බවට මේ දිනවල කසුකුසුවක් පවතිනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඉහත ප්‍රකාශය සිදු කරන්නේ මෙවන් වටපිටාවක් යටතේයි.

මේ සිදුවීම් එකිනෙක ගලපා බලන විට ඇතුලේ ගැටුම නියරටම ගමන් කර ඇති බවක් පෙනෙන්න තියනවා.

 උපුටා ගැනීම හර්ෂ ද සිල්වාගේ FB පිටුවෙන් 

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...