බර්ටල් බ්‍රෙෂ්ට්ගෙන් (Bertold Brecht) පසුව යුරෝපයේ බිහි වූ නාට්‍යකරුවන් අතරින් වඩාත් බලපෑම් සිහිත නාට්‍යකරුවෙකු ලෙස හයින ම්යුලර් හැඳින්වීම නිවරදි ය. ඔහු නැගෙනහිර ජර්මානු නාට්‍යකරුවෙකි. 20 වන සියවසේ නාට්‍ය රංග කලාවට ම්යුලර් කළ මැදිහත්වීමේ දී, පර්යේෂණාත්මක නාට්‍ය මෙන්ම දේශපාලනික ආරෝපණයකින් යුතු වූ නාට්‍ය ඉතා ප්‍රසිද්ධියට පත් ඇත. ඔහුගේ කෘති බොහෝ විට සම්භාව්‍ය මිථ්‍යා කථා (classical mythology) සහ ඓතිහාසික සිදුවීම් වලින්(historical events) උපුටා ගෙන ඒවා මාක්ස්වාදී දෘෂ්ටිවාදයේ (Marxist ideology) දර්පනයක් තුළින් ඉදිරිපත් කිරීම විශේෂිතව සලකුණු කළ හැකි එක් සාධකයක් වන්නේ ය. පශ්චාත් නූතන නාට්‍යයේ (postmodern drama) කේන්ද්‍රීය චරිතයක් ලෙස, ම්යුලර්ගේ බුද්ධිමය ගැඹුරුබව සහ නව්‍ය වූ ශෛලිය සමකාලීන ප්‍රේක්ෂකයින් සහ විද්වතුන් තුළ නො නැවතුණු අනුනාදයක් ගෙන දෙන්නට වන්නේය.
නාට්‍ය රචකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස ම්යුලර්ව නව රංග කලාපයක් වෙත කැඳවා ගත හැකි එක් ප්‍රධාන කරුණක් වූයේ, ඔහු විසූ කාලයේ පැවැති යුරෝපීය පශ්චාත් යුද සමාජය (post wat society) තුල ධ්‍රැවීය වූ ලෝකයේ ධනවාදය සහ සමාජවාදය යන සන්දර්භයන් දෙක තුල මතු කරනු ලැබූ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ අදහස සහ එහි භාවිතාවේ ඇති ගැටලුවක් ලෙස ය. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ මතුකරන නාට්‍යමය කතිකාව සමකාලීන යථාර්ථයන් තුළ දී යළි ගොඩනැංවීමක් පිණිස ම්යුලර්ව හඳුන්වා දිය හැකි වනු ඇත. එකල පැවැති සමාජ දේශපාලන තත්ත්වයන් යටතේ ඔහු වටා පැවැති යථාර්ථය නව දේශපාලන ප්‍රශ්න මතු කරමින් සිටි අවස්ථාවලදී පවා, ම්යුලර්ගේ නාට්‍ය කලාව ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ප්‍රශ්නය මතු කරන්නට විය. එය ධනවාදය මෙන්ම සමාජවාදය තුළ පවා මතුව ආ ප්‍රමුක ප්‍රශ්නයක් වූ නිසා ඔහුගේ නිර්මාණ සමාජගත කිරීමේ දී වාරණයන්ට ලක් විය.
ප්‍රජාතන්ත්‍රවාදය සහ රංග කලාව ( ප්‍රේක්ෂකයින් ද ඇතුළුව) ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් බවට පත් කිරීම ඇත්ත වශයෙන්ම එකල යුරෝපා සන්දර්භයට වැදගත් වූවාක් මෙන්ම, මෙකල අපගේ සමාජ- දේශපාලන- සංස්කෘතික යථාර්ථයට ද වැදගත්කමක් එක් කිරීමට ඉවහල් විය හැකි ය. එයට හේතු වන්නේ ම්යුලර්ගේ රංගකලාව සමාජවාදී ප්‍රජාතන්ත්‍රවාදය (Socialist democracy) සඳහා ආදර්ශයක් සපයනු ලැබී ය. එමෙන්ම ඒ ඔස්සේ සමාජවාදී ප්‍රජාතන්ත්‍රීය නාට්‍ය ආකෘතියක් ගෙන ඒම පමණක් නොව, රංග කලාවෙන් පිටත ඇති දේශපාලනයේ වෙනස් වීමක් ඉල්ලා සිටින සන්දර්භීය ආකෘතික ආකාරයක් (ස්වභාවයක්) ඇති නිසා ය.
ප්‍රේක්ෂක ප්‍රතිචාරය උසිගන්වන සුළු නාට්‍ය ම්යුලර්ගේ නිර්මාණ තුළ ඇති බව හඳුනා ගන්නා විචාරකයින් පෙන්වා දෙන්නේ ම්යුලර්ගේ පඨිථයන් “ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක්” (demokratische Gesellschaft) බවට පත් කිරීම සඳහා විවේචනාත්මක ප්‍රේක්ෂක සමූහයක් සම්බන්ධ කර ගැනීමට අවස්ථාවක් සකසන බව ය. ම්යුලර්ගේ පඨිතයන් රචනා කර ඇත්තේ ප්‍රේක්ෂකයන්ගේ අවකාශය තුළ විවිධ අර්ථකථන ගණනාවක් සිදු කිරීමට හැකි වන පරිදි ය. බොහෝ දුරට අර්ථකථනය කිරීමේ කාර්යය එහි ප්‍රේක්ෂකයන්ට භාර දෙයි. ෆැන්ටසිමය චින්තනයක් නිර්මාණය කර ගැනීම ප්‍රේක්ෂකයන්ට බාර දෙන රංග කලාවක් ලෙස ම්යුලර්ගේ නිර්මාණ හඳුනාගත හැකි වේ. ඔහුගේ මුල්ම නිර්මාණයන් තුල පවා, සිය පඨිථයන් තුළ නිරූපිත කිසියම් මාරකවාදයක් සහ ඛේදවාචකයක් (Fatalism and Tradgedy) අතර ඇති වෙනස් වීමේ අපෝහක බීජය අන්තර්ගතව පවතින බව ඔහුගේ රංග කලාව අධ්‍යයනය කරන විද්වතුන් හඳුනාගෙන ඇත.
එසේම ම්යුලර් විසින් ප්‍රශ්නය මතු කර පෙන්වා කාලය තුළ පැවැති දේශපාලනය සහ විශේෂයෙන් ඊනියා තුන්වන ලෝකයේ බිහිවීම යන ගෝලීය බල දේශපාලනයේ සංස්කෘතිය හඳුනාගන්නට විය. ඒ තුල ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සැලකිල්ල විකෘති කර දමා ඇති අවස්ථාවක දී ම්යුලර්ගේ සංකල්පීය සහ භාවිත ප්‍රජාතන්ත්‍රීය දැක්ම යටපත් කර ඇත. එය එදාට පමණක් නොව සමකාලීන යථාර්ථයන් තුළ ද, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ කාරණයේ ඇති වැදගත්කම නැවත සිතා බැලීමට රංග කාලව යොදා ගත හැකි වනු ඇත.
එය එක් අතකින් ම්යුලර්ගේ දේශපාලනික සංකල්පගත කිරීම ඔස්සේ ඔහුගේ නාට්‍ය නරඹන ප්‍රේක්ෂකයන් තුළ මතු වී එන ගැටලුවලට විසඳුම් උත්පාදනය සඳහා රැඩිකල් දේශපාලන න්‍යාය පත්‍රයක් අනුගමනය කිරීමට ඇති මෙවලමක් ලෙස ද හඳුනාගත හැකි ය.
ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දක්වන පුළුල් සැලකිල්ලක් තුළ ඔහුගේ පාඨවල පුද්ගලයා සහ සාමූහිකත්වය අතර සම්බන්ධය රඟහල තුළ මෙන්ම ඉන් පිටත සමාජයට ප්‍රත්‍යාවර්තිත වන්නේ ය. ම්යුලර්ට අනුව “ප්‍රජාතන්ත්‍රවාදය” (Democracy) සහ “ප්‍රජාතන්ත්‍රවාදීබව” (democratic) යන්න වැදගත් බව ප්‍රකාශ කිරීම එක් දෙයක අදහසක් වන අතර, ඇත්ත වශයෙන්ම, එය සම්පූර්ණයෙන්ම නිරූපණය කිරීම තවත් දෙයකි.
1985 දී බටහිර ජර්මානු මාධ්‍යවේදියෙකු වන ඔලිවියර් ඔර්ටොලානි Olivier Ortolani) සමඟ කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී නිතර උපුටා දක්වන්නේ, ම්යුලර් ඔහුගේ ඇමරිකානු සහකරුවෙකු වන රොබට් විල්සන්ගේ (Robert Wilson) භාවිතය පිළිබඳ ඔහු තුළ ඇති තක්සේරුව ඉදිරිපත් කිරීමෙනි:
“විල්සන් කිසි විටෙකත් අර්ථකථනය නොකරන අතර එය අත්‍යවශ්‍ය ගුණාත්මක භාවයක් වන අතර එය මට උනන්දුවක් ඇති කරයි. පෙළක් ඇති අතර එය බෙදා හරිනු ලැබේ, නමුත් ඇගයීමට ලක් නොකළ අතර වර්ණ ගැන්වූ නමුත් අර්ථකථනය නො කෙරේ. එය එ් තුල ඇත. හරියටම ඒ ආකාරයෙන්ම රූපයක් ඇති අතර රූපය අර්ථ නිරූපණය නො කෙරේ, එය ඇත්තේ පටන් ගැනීමට පමණි. එසේම ශබ්දයක් ඇත. එයත් ඒ තුළ ඇත. කිසිවක් අර්ථකථනය නො කරයි. මම එය වැදගත් ලෙස සලකමි. එය රංග කලාව පිළිබඳ ප්‍රජාතන්ත්‍රවාදී සංකල්පයකි. අර්ථ නිරූපණය ප්‍රේක්ෂකයාගේ කාර්යයක් වන අතර එය වේදිකාවේ සිදු නො විය යුතුය. මෙම කාර්යය ප්‍රේක්ෂකයෙකුගෙන් උදුරා නොගත යුතුය. මේ කාර්යය ප්‍රේක්‍ෂකයන්ගෙන් ඈත් කිරීම යනු හැන්දෙන් කවා ගැනීම නම් වූ පාරිභෝජනවාදයයි. ඒ ධනවාදී රංග ශාලාවයි. නමුත් එය අපට අද අත් දකින්නට ඇති සාමාන්‍ය දෙයයි”.
“ප්‍රජාතන්ත්‍රවාදය” යනු ම්යුලර්ට අනුව කුමක් විය හැකිද යන ප්‍රශ්නයත්, එය ඔහුට උනන්දුවක් ගෙන දී ඇත්තේ ඇයි ද යන්නත්, නාට්‍ය රචකයෙකු සහ අධ්‍යක්ෂවරයෙකු ලෙස ඔහුගේ පරිචය තුළ එහි ප්‍රකාශනය, ඔහුගේ වෘත්තීය ජීවිතය පුරා වෙනස් වූයේ කෙසේද යන්නත්, එමෙන්ම නාට්‍ය පෙළක විධිමත් සංවිධානයක් හෝ රංගනයක් ඓතිහාසිකව පිහිටා ඇති නාට්‍ය ප්‍රේක්ෂකාගාරයක් සමඟ ඇති සම්බන්ධය කෙසේ පවත්වාගත යුතු ද යන්නත්, ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ඇති ඊනියා අදහස සහ භාවිතය රංගකලාව තුලට ගෙන පර්යේෂණය කිරීමට ගැනීම ලාංකීය රංගකලාවට පමණක් නොව දේශපාලන සමාජයට නැවත සිතීමට අවස්ථාවක් උදා කරනු ඇත.
ම්යුලර්ගේ බොහෝ පඨිතයන් දේශපාලන නියෝජනය සහ පුද්ගලවාදයට එරෙහිව සාමූහිකත්වය නියෝජනය වීමේ සම්බන්ධය පදනම් වූ ප්‍රශ්න මතු කරන ආකාරය නිසි ලෙස සටහන් කර ඇත. මේ නිසා ම්යුලර්ගේ කෘතිවල ප්‍රජාතන්ත්‍රවාදය සහ ප්‍රජාතන්ත්‍රවාදී රංගකාලව පිළිබඳ සංකල්පය හඳුනා ගැනීමත් භාවිතයටත් ගැනීම සඳහා නව අවකාශයක් වෙත දොරටු විවර කර ගැනීමට මහේෂ් කුමාර විසින් සම්පාදිත “ හයින ම්යුලර් නාට්‍ය එකතුව” නම් කෘතිය ව්‍යතිරේකයක් වනු ඇතැයි සිතිය හැකි ය. හයින ම්යුලර්ගේ හඳුනා ගැනීමත් සමග ඔහුගේ නිර්මාණ තුළ මතු කරන ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ දේශපාලනික සංවාදය ලාංකීය භූමියට මෙන්ම වේදිකාවටද ස්ථානීය ආලෝකයක් ලබා දෙනු ඇතැයි විශ්වාස කළ හැකි වේ. එය ප්‍රජාතන්ත්‍රවාදයේ ධනාත්මක ෆැන්ටසියක ඇති විභවය වෙත ආමන්ත්‍රණය කරවා ගැනීමට හැකි වන බව නොවනුමානය.