Breaking News

ගල්කිස්සේ මුහුදු වෙරළේ ඉරිදට ගිහින් බලන්න

පුබුදු ජයගොඩ

මුල් ඡායාරූපයේ දැක්වෙන්නේ ගල්කිස්ස මුහුදු වෙරළේ මීට වසර 40කට පමණ පෙර ස්වභාවයයි. දෙවන ඡායාරූපයේ ඇත්තේ එහි 2020 වසර ආරම්භයේ පැවති ස්වභාවයයි. මේ ඡායාරූප සංසන්දනය කරන විට පෙනී යන්නේ ගල්කිස්ස වෙරළේ පිහිටා ඇති ගල්පර මුහුදු ඛාදනයේ ප්‍රතිඵලයක් නොව එහි ස්වභාවික පිහිටීමක් බවය. ගෙවුණු දශක 4 තුළ ගල්පර වල විශේෂ වර්ධනයක් නැති බව පැහැදිලිය.

තුන්වන ඡායාරූපයේ දැක්වෙන්නේ මුහුදු ඛාදනය වලක්වා වෙරළ සංරක්ෂණයට බව පවසමින් කොරෝනා කාලය තුළ වැලි පුරවා ගල්කිස්ස වෙරළ තීරය වනසා ඇති ආකාරයයි. එහි ස්වභාවික ගල්පර පරිසරය, ජෛව විවිධත්වය පමණක් නොව පොදු ජනයාගේ විනෝදාස්වාද අවකාශයත් වනසා දමන ලදී. සිව්වන ඡායාරූපය පෙන්වන්නේ මෙලෙස කරන අවිධිමත් වැලි ගොඩ ගැසීම් වලට වෙරළ රැක ගත නොහැකි බවය. පසුගියදා වට වැස්සෙන් හා ප්‍රචණ්ඩ වූ මුහුදු රළෙන් රුපියල් මිලියන 890ක ව්‍යාපෘතිය මුහුදට සේදී ගියේය.

අවසානයේදී පරිසරයත් විනාශ විය. ජනතාවගේ විවේක අවකාශයකුත් අහිමි විය. මහජන මුදල් විශාල ප්‍රමාණයකුත් මුහුදට ගසාගෙන ගියේය.

මේ ව්‍යාපෘතිය විනාශකාරී බව එදා අප කියද්දී පණ්ඩිත තර්ක ගොඩනැගූ බුකි වීරයන්ද ආගිය අතක් නැත..

 

leave a reply