ගල්කිස්සේ මුහුදු වෙරළේ ඉරිදට ගිහින් බලන්න

මුල් ඡායාරූපයේ දැක්වෙන්නේ ගල්කිස්ස මුහුදු වෙරළේ මීට වසර 40කට පමණ පෙර ස්වභාවයයි. දෙවන ඡායාරූපයේ ඇත්තේ එහි 2020 වසර ආරම්භයේ පැවති ස්වභාවයයි. මේ ඡායාරූප සංසන්දනය කරන විට පෙනී යන්නේ ගල්කිස්ස වෙරළේ පිහිටා ඇති ගල්පර මුහුදු ඛාදනයේ ප්‍රතිඵලයක් නොව එහි ස්වභාවික පිහිටීමක් බවය. ගෙවුණු දශක 4 තුළ ගල්පර වල විශේෂ වර්ධනයක් නැති බව පැහැදිලිය.

තුන්වන ඡායාරූපයේ දැක්වෙන්නේ මුහුදු ඛාදනය වලක්වා වෙරළ සංරක්ෂණයට බව පවසමින් කොරෝනා කාලය තුළ වැලි පුරවා ගල්කිස්ස වෙරළ තීරය වනසා ඇති ආකාරයයි. එහි ස්වභාවික ගල්පර පරිසරය, ජෛව විවිධත්වය පමණක් නොව පොදු ජනයාගේ විනෝදාස්වාද අවකාශයත් වනසා දමන ලදී. සිව්වන ඡායාරූපය පෙන්වන්නේ මෙලෙස කරන අවිධිමත් වැලි ගොඩ ගැසීම් වලට වෙරළ රැක ගත නොහැකි බවය. පසුගියදා වට වැස්සෙන් හා ප්‍රචණ්ඩ වූ මුහුදු රළෙන් රුපියල් මිලියන 890ක ව්‍යාපෘතිය මුහුදට සේදී ගියේය.

අවසානයේදී පරිසරයත් විනාශ විය. ජනතාවගේ විවේක අවකාශයකුත් අහිමි විය. මහජන මුදල් විශාල ප්‍රමාණයකුත් මුහුදට ගසාගෙන ගියේය.

මේ ව්‍යාපෘතිය විනාශකාරී බව එදා අප කියද්දී පණ්ඩිත තර්ක ගොඩනැගූ බුකි වීරයන්ද ආගිය අතක් නැත..

 

Share post:

Popular

වෙනත් පුවත්

ජනතාව ත්‍රස්තවාදීන් කරන ආණ්ඩුවේ මර්දන පනත පරාජය කළ යුතුයි.

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කර ගැනීමේ පනත(PSTA) නමින් ආණ්ඩුව පාර්ලිමේන්තුවට...

ශිරන්තිලා අනුන්ගෙන් ලැබුණු බඩුවලට තමන්ගේ නම ගහලා

චීන රජයෙන් පරිත්‍යාගයක් ලෙස ලැබුණු MRI ස්කෑනර් යන්ත්‍රයක් ,...

දීපචෙල්වම්ගේ කෘති නිදහස් කරන්නැයි නියෝගයක්

දීපචෙල්වම් ප්‍රදීපන්ගේ නම් ලේඛකයා විසින් රචිත ලද දෙමළ භාෂා...

IMF එක්ක දීගය අතාරින්න සූදානම් නෑලු

ශ්‍රී ලංකාව ළඟා කරගත් ආර්ථික ස්ථායීතාවය ආරක්ෂා කරගනිමින් ආර්ථික...