Breaking News

පාර්ලිමේන්තුවේ සිටින 225ම පජාත බව මේ දින දෙක තුළ සනාථ විය

සුභාෂිණී චතුරිකා

මේ වගේ පජාත පාර්ලිමේන්තුකින් මේ අර්බූදයට මොනම ආකාරයේ වත් විසඳුමක් ලබා නොදෙන බව ඉතා පැහැදිලිය.
එහෙත් කාරණා කීපයක් ඉතා පැහැදිලිය.

මේ මොහොතේ රට තුළ ප්‍රධාන කොටම තරුණ කොටස් විසින් ඉතා සබුද්ධිකව සාමකාමිව සහ ප්‍රජාතන්ත්‍රවාදීව කරගෙන යන උද්ඝෝෂණය දැන් උන්ට බරපතල ප්‍රශ්නයකි. වෙනත් වචන් වලින් කිවහොත් උද්ඝෝෂනයේ යෙදෙන පිරිස් ප්‍රජණ්ඩත්වයට යොමු නොවීම උන්ව බරපතල අර්බූදයකට ඇද දමා ඇත.

මන්දයත්, මර්ධනයේ කුරිරු හස්තය දියත් කිරීමට උන්ට තවමත් නොහැකි වී ඇත්තේම..උද්ඝෝෂකයන් ඉතාමත් දැනුවත් භාවයකින් යුක්තව ප්‍රචණ්ඩත්වය පිටු දකින නිසාය.

ඒ අනුව..විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ චෝදනාවලට අනුව මහ උන් කැස කවන්නේ..විවිධ දහන් ගැට දමා උද්ඝෝෂකයන් කුපිත කර හෝ නැතිනම් උද්ඝෝෂකයන් මැද මහ උන්ගේ කුණු කන බැත් බැලයන් ලවා ප්‍රචණ්ඩත්වය ඇතිකර ඒ පිනෙන් රාජ්‍ය මර්ධනය දියත් කර ජනතා අරගලය කාබාසිනියා කර දැමීමයි.

එසේම තවත් පැහැදිලි කාරණයක් නම්, රට මේ තත්වයට පත් වීම සම්බන්දයෙන් උන් සම්පූර්ණයෙන්ම වග කිව යුතු වීම පිළබදව කිසිදු විවාදයක් නැති තත්වයක් තුළ මෙන්ම මේ මොහෙතේ රට තුළ ප්‍රධාන වශයෙන්ම උද්ඝෝෂණය සිදුවන්නෙ නිර්පාක්ෂික පුර්වැසියන් විසින්ය කාරණය පැහැදලිවම පෙන්නෙනට තිබියදී , මහ උන් විසින් නිර්මාණය කිරීමට නියමිත ප්‍රචණ්ඩත්වය සහ ඉන් පසු ඇති කෙරෙන මර්ධනකාරී තත්වය තුළ සිදූවීමට ඉඩ තිබෙන ලේ හැලීම් ජීවිත හානිවලට, මෙතෙක් ආණඩු බලයට පත් නොවූ, එහෙත් අරගල භූමියේ දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියන පක්ෂ දෙකකට බැර කිරීමේ දීන උත්සාහයක් මතු වෙමින් පවතින බවයි.

එය මහ උන් කරන්නෙ..මේ මොහොතේ විධිමත් නායකත්වකින් තොරව සිදුවන උද්ඝෝෂණ වලට ඉහත කී පක්ෂ දෙක දැඩිව මැදහත් වුවහොත්…මේ ජනතා බලය දෙගුණ තෙගුණ වීමට ඇති බවත්, අසංවිධානාත්මක අරගලයකට වඩා සංවිධිත, නායකත්වයක් සහිත අරගලය වඩාත් බලපෑම් සහගත බවත් මහ උන් දන්නා නිසා මෙ පක්ෂ දෙක මේ අරගලයෙන් ඈත් කරන තැබීමට ගන්න උත්සාහයක්ද වන්නට බැරි නැත.
ඒකොයි හැටි වුවත් මහ උන් ඒ ඉලක්කයන් සපුරා ගැනීමට පළමු කොට උද්ඝෝෂණ තුළ ප්‍රචණ්ඩත්වය ඇති කළ යුතුය.

මේ මොහොතේ අපි අවදියෙන් සිටිය යුත්තේ ඒ කාරණය පිළිබඳවය.

පෙරටත් වඩා ශක්තිමත්ව, එක්සත්ව සංවිධානය වී අපි උද්ඝෝෂ්ණය කල යුතු බව සැබෑවකි. එහෙත් අප පෙරටත් වඩා උද්ඝෝෂන මැද්දට එන මහඋන්ගේ බත් බැලයනගේ කඩාකප්පල්කාරී වැඩ නැවැත්වීමට පරිස්සම ව්ය යුතුය. කුපිත කිරීම් අවබෝදධයෙන් යුතුව පිටු දැකිය යුතුය. ඒවාට ප්‍රතික්‍රියා දැක්විය යුත්තේ ඉතාමත් සංයමයෙන් සහ බුදිධිමත්වය.

අපි යන්තමින් හෝ ප්‍රචණ්ඩත්වයට යොමුවීම හෝ එයට යන්තමින් හෝ ඉඩ දීම යනු මේ රට නැවත්ත ලේ විලක් බවට පත් වීමට පාර කැපීමකි.
එහෙයින් තමන්ගේ නඩු ටික බේරගෙන පරම්පරා ගාණකට හොරා කන්න විතරක් බලයට ආපු හොර නඩයක් නිසා අපේ ජීවිත අකාලයේ මියැදීම ඉඩ දීම කොහෙත්ම අවශ්‍ය නැත.

මේ රට ඕනෑවටත් වඩා ලේ හලා ඇත. අපේ ජීවිත වටින්නෙ අපටය..අපට ආදරය කරන, අපි ආදරය කරන අයටය.අවසාන වශයෙන් මේ රටටය.
ඒ නිසා

පළමුවත් දෙවෙනුවත් තෙවනුවත් මවිබිම නොව
පළමුවත්
දෙවනුවත්
තෙවනුවත්

සාමකාමී බව රැකගැනීමට පරිස්සම් වෙමු!!!
අරගලයට ජය වේවා..❤️❤️

සුභාෂිණී චතුරිකා

leave a reply