” ස ” අසාර්ථක බව බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් පාරට බැස කියන්නට සූදානම් වේ

Date:

වසරක පුහුණුවකින් පසු ස්ථිර කරන බවට 2019 වසරේ අගෝස්තු සහ සැප්තැම්බර් මස බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් 14283 ක් තම පුහුණු කාලය වසර අවසන්ව මේ වනවිට මාස 4ක් ගත කර ඇත.ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය දිගින් දිගටම ඉල්ලා සිටියේ වසර සපිරෙන දිනටම ස්ථිර කරන ලෙසයි. ඊට අදාළව ආණ්ඩුව ක්‍රමවේදයක් සකස් නොකළ අතර වසංගත තත්වය දඩමීමා කරගෙන 2020 දෙසැම්බර් 31 දක්වා 20000 දීමනාව ගෙවීමට තීරණය කරන ලදී. ඒ අනුව පුහුණුව දීර්ඝ වන අතර එය බරපතළ කාරණයකි.

අඩු ආදායම්ලාභීන් පවා බඳවා ගත්තෙ මාස 6ක පුහුණවකට වන අතර ඔවුන්ට මාසික දීමනාව 22500කි. ඒ සම්බන්ධ ගැටලුවක් නැතත් උපාධිධාරීන් වසරකුත් මාස ගණනක් 20000ක මාසික දීමනාවකට යටත් කොට තිබීම යුක්ති සහගත නැත.මේ පිළිබඳව සියලු බලධාරීන් මේ වනවිට දැනුවත් කර ඇති අතර මෙතෙක් ස්ථිර කරන දින වකවානු පවා පවසා නැත.

2019 බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන් පුහුණුව අවසන් කළ දිනට පසු දිනම ස්ථිර කරන ලෙස ඉල්ලා පළාත් මට්ටමින් විරෝධතා ක්‍රියාමාර්ග ගන්නා බව ඒකාබද්ධ සංවර්ධන නිලධාරි මධ්‍යස්ථානය පවසා තිබේ .ඒ යටතේ නොවැම්බර් 26 මධ්‍යම පළාතෙන් ආරම්භ වන විරෝධතා දෙසැම්බර් 15 දක්වා පවත්වන අතර ඒ වනවිටත් ස්ථිර කිරීමට අදාළ වැඩපිළිවෙළක් සකස් නොවුනහොත් කොළඹදී විරෝධතාවක් පවැත්වීමටද කටයුතු යොදනු ඇත.

Share post:

Popular

More like this
Related

දූෂණ විරෝධී පනතට ගෙන ආ නව සංශෝධන ජනතා ජයග්‍රහණ ආපසු හැරවීමක්

අතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා,2026.08.24ජනාධිපති කාර්යාලය,කොළඹ 01. ගරු ජනාධිපතිතුමනි, දූෂණ...

පල්ලෙගම ගැන සාක්ෂි ලැබුනත් විශේෂ සැළකිලිවල වෙනසක් නැහැ

විනිසුරුවරයාට අධිකරණ භූමියට ඇතුල් වීමට ඇති ගේට්ටුවෙන් හිටපු අටමස්ථානාධිපති...

සිංහබාහු සර්වකාලීන නාට්‍යයක් – ලලිතා සරච්චන්ද්‍ර කියයි

මහාචාර්ය එදීරිවීර සරච්චන්ද්‍රගේ 30 වන ගුණාස්මරණය පසුගිය අගෝස්තු 16දා...