සමගි ජන බලවේගයේ පිරිසකට රනිල්ගෙන් බාර් ලයිසන්

සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු රැසකට මුදල් ඇමති රනිල් වික්‍රමසිංහ විසින් නව මත්පැන් හල් බලපත්‍ර ලබා දී ඇති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පිළිගෙන තිබේ.

මාධ්‍යවේදීන් රහුමාන් මන්ත්‍රීවරයාගෙන් විමසූ ප්‍රශ්නවලට පිළිතුරු ලෙස ඒ බව පිළිගෙන ඇත. එසේ පිළිගැනීමෙන් නොනැවතී රනිල් වික්‍රමසිංහ පිල සමඟ එකතු නොවන්නේ නම් එම බලපත්‍ර අහෝසි කරන බවට තර්ජනාත්මක දැනුම්දීම් සිදු කර ඇත. අනිද්දා පුවත්පත මුජිබර් රහුමාන් මන්ත්‍රීවරයාගේ එම ප්‍රකාශය ආශ්‍රයෙන් තොරතුරු හෙළි කර තිබිණි.

මේ වනවිට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අවම වශයෛන් 19 දෙනෙකුට මත්පැන් හල් බලපත්‍ර අලුතින් ලබා දී ඇති බව එහි දැක්වේ. ඒ අනුව ඉදිරියේදීත් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු තවත් විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස හැර යනු ඇති බව පැහැදිලි ය. එමෙන්ම ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් විවිධ අල්ලස් මත මන්ත්‍රීවරුන් බා ගැනීම සිදු කරන බව මෙයින් සනාථ වේ. මෙම මත්පැන් හල් බලපත්‍ර රුපියල් කෝටි 3 සිට ඉහළට විකුණන බවත් හෙළි වී තිබේ.

උපුටා ගැනීම – Lanka Truth

Share post:

Popular

වෙනත් පුවත්

දරිද්‍රතාවය මනින දර්ශක යල් පැනලා

පැරැණි දත්ත හා භාණ්ඩ කූඩ මත පදනම් වූ ගණනය...

ආණ්ඩුව කාවන්තිස්සගේ බෙල්ල කපන් ගියා

අනාගත පරපුර වෙනුවෙන් සංරක්ෂණය කර තියන්න කියා  ආණ්ඩුව කාවන්තිස්සගේ...

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය බිලිගන්න නැගෙනහිර වෙරළ තීරය

ආණ්ඩුවේ අලුත් ඛනිජ ප්‍රතිපත්තිය හරහා සමාගම් අතර බෙදා දෙන්නට...

PSTA: පැරණි කූඩුවකට අළුත් නමක්

ශ්‍රී ලංකාවේ නව පනත් කෙටුම්පතේ නම “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා...