Breaking News

මන්ත්‍රී වරප්‍රසාද කැපීමෙන් ආර්ථික ප්‍රශනය විසදෙයිද?

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ බොහෝ වරප්‍රසාද කපා දැමීමට නියමිත බව මාධ්‍ය වාර්තා දක්නට ලැබේ. ඒ අතර ආයුධ ලබාදීම, තීරු බදු රහිත වාහන බලපත්ර ලබාදීම නැවැත්වීම කෙරෙහි ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇතැයි පැවසේ. ඊට අමතරව එක් මන්ත්‍රිවරයකුට ආරක්ෂක නිලධාරීන් දෙදෙනෙකු ලබාදීමටද නැවත්වීමට තීරණය කර ඇතැයි පැවසේ.

මේ අතර නිවේදනය වුණු තවත් පුවතකින් පැවසුනේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 330ක තුන්වැනි වාරිකය සම්බන්ධයෙන් කාර්ය මණ්ඩල මට්ටමේ එකඟතාවයට පැමිණි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මෙරට දුත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් පවසු බවයි.

ඔහු මේ බව සඳහන් කර තිබුණේ බැංකු ශ්‍රවණාගාරයේ අද (23) පෙරවරුවේ පැවති ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ තුන්වැනි වාරිකය පිලිබද විශේෂ මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් ය.

කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම අනුමැතිය සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමණාකාරිත්වයට සහ විධායක මණ්ඩලයට යොමු කල බව ද ඔහු ප්‍රකාශ කළේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතා අනුව මේ වසරේ ජුනි අවසානය වන තෙක් පැවති ඉලක්ක සැලකිය යුතු මට්ටමින් සමාලෝචනය කර ඇති අතර සැප්තැම්බර් වන විටත් වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත් බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අදහසයි.

ඔක්තොම්බර් මාසයට පෙර බොහෝ ව්‍යුහාත්මක ඉලක්ක ප්‍රමාදයකින් හෝ ක්‍රියාත්මක කර ඇති බවත් අයි.එම්.එෆ්. නියෝජිතයින් මෙහිදි ප්‍රකාශ කළේ ය.

ඔවුන් වැඩිදුරටත් පැවසුවේ දිළිදු සහ අසරණ ජනතාව ආරක්ෂා කිරිමේ වගකීම රජයට ඇති බවයි.

නව රජයේ ජන වරම දුෂණයෙන් තොර, ආර්ථික වර්ධනයක් සාක්ෂාත් කර ගැනීම බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුලේ නියෝජිතයින් එහිදි වැඩිදුරටත් කියා සිටියේ ය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ශ්‍රී ලංකාවට ලබාදුන් විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් වැඩසටහනේ 3 වෙනි සමාලෝචනයට එහි නියෝජිතයින් සහ ශ්‍රී ලංකා බලධාරීන් කාර්යමණ්ඩල මට්ටමේ එකඟතාවයකට එළඹි බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අද (23) නිවේදනය කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාරීත්වය සහ එහි විධායක මණ්ඩලය ඒ සඳහා අනුමැතිය ලබාදීමෙන් පසු ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 333ක් පමණ ලබාගැනීමට අවස්ථාව හිමිවෙයි.

ප්‍රතිපත්ති දිගටම පවත්වාගෙන යෑමට නව රජය මගින් පෙන්නුම් කර ඇති කැපවීම එම වැඩසටහනේ අරමුණු ඉටු කරගැනීම සඳහා වැදගත් බවද එම නිවේදනයේ සඳහන් ය.

මේ අනුව 2025 ට ඉදිරිපත්වන නව අයවැය පදනම් වනු ඇත්තේ IMF විසින් හඳුන්වාදීමට බලකරන ලද ආර්ථික පරිවර්තන පනත සහ මහබැංකුව ස්වාධිනකරණය කිරීමේ පනත් වල කොන්දේසි වලට අනුකුලවය. එමෙන්ම IMF ඉලක්ක ඉටුකර ගැනීමේ මුල්‍ය විනයක් NPP ආණ්ඩුව පවත්වාගෙන යන්නේද යන්න පරික්ෂා කිරීමෙන් පසුව ඩොලර් මිලියන 333 ක මුදලට ශ්‍රී ලංකාවට ප්‍රවේශ වීමට හැකි වනු ඇත. ඒ අනුව පෙනී යන්නේ ආණ්ඩුවට දැඩි සහන කප්පාදු වැඩපිළිවෙළක් ඉදිරියටත් ක්‍රියාත්මක කරන්නට සිදුවෙනු ඇති බවයි. ඊට අමතරව අපට ණය ගෙවීම සඳහා ද සූදානම් වීමට තිබේ. ණය ගෙවන්න රුපියල් වලින් නොව ඩොලර් වලිනි.
දැනට එකඟවූ ණය ප්‍රතිව්‍යුහගතරණ සැලසුම අනුව අපේ ණය කන්ද තවත් වැඩිවෙමින් තිබේ. මේ සියල්ල දෙස බැලූ විට රට ගමන් කරමින් සිටින්නේ විශාල අර්බුදයක් වෙතයි. එම අර්බුදයේ බර ජනතාවගේ කරමත පටවෙනු ඇත. ගැටලුව වන්නේ මන්ත්‍රී වරප්‍රසාද කපා දැමීමෙන් ඉතිරි කරගත් රුපියල් මෙම අර්බුදයෙන් ජනතාව මුදාගැනීමට ප්‍රමාණවත් වෙනු අතිද යන්නයි.

 

rrr

leave a reply